ඒ දෙන්නාගේ ආදරේට අවුරුදු 3ක් ලු, ඒ ගැන සාරංග මතක් කරන්නෙත් හරිම ආදරයෙන්
දෙන්නා කවුද කියන්න හැමෝම දන්නවා නේ... ඒ දෙන්නාගේ ආදර කතාවටත් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා. ඒත් කොහොම වුණත් අද වෙනකොට ඒ කතා හැම දේකටම වගේ එයාලා උත්තර දීලා තියෙන්නේ. ඒ එයාලගේ පුංචි පවුල හරිම ශක්තිමත් කියලා හැමෝටම පෙන්නලා දීලා.
කොහොම වුණත් මේ දෙන්නාගේ ලෝකේ හැඩ කරන පුංචි පැංචි නිසා තමයි මේ දෙන්නගේ ලෝකේ සතුටින් පිරිලා තියෙන්නේ. මේ ආදරයට අවුරුදු 3ක් වෙන මේ වෙලාවේ සාරංග පරණ මතක ඔක්කොම එක්ක දිනක්ශි ගැන හරි ආදරණීයව මතක් කරලා තිබ්බා.
දැන් ඒ මතක ඒ දෙන්නට සුන්දර සැමරුමක්.