එයාලාගේ ගෙදර ’’යෝධ පාදයා’’ ගැන මාධවී එක්කළ සටහන මෙන්න
අක්කා කෙනෙක්ට මල්ලී කෙනෙක් කියන්නේ ලොකු හයියක්. එයාගේ ජීවිතේ ඉතින් ඒ හයිය එයාට අඩුවක් නැතුව තියනවා නේ. ඒ අතින මාධවී කියන්නේ ගොඩක් වාසනාවන්ත අක්කා කෙනෙක්. සජිතයි , අඛිලයි කියන්නේ ඉතින් එයාගේ මුළු ලෝකෙම නේ.. කොහොම වුණත් පසුගිය දවසක මාධවී කසුන් ඒ දෙන්නාගේ ජීවිතේ තව අලුත් පියවරක් ඇරඹුවා. ඒ ඇරඹුමට හදවතින්ම සුබපතපු ලොකු මල්ලි එදා දවසේ වුණ මහන්සිය මාධවී වචනවලට පෙරලලා තිබුණේ මෙන්න මේ විදිහටයි
ඉතින් මල්ලි වගේම තමයි එයාගේ පුංචි පවුලම මේ වැඩේට ගොඩක් මහන්සි වුණාලු.
"එතන හැමදාම වගේ මුල්තැන ගත්තේ ලොකු මල්ලි ජේසු පවුලයි, අප්පච්චියි, යාලුවෝ සෙට් එකත් එක්කන් අපිව ඉස්සර කරන් මේ අලුත් ඇරඹුම ගන්න යෝධ හයියක් වුනේ අපේ “යෝධ පාදයා”. ජිම් එකේ බර උස්සනවා දැකලා තිබ්බට කවදාවත් මං දැකලා තිබ්බෙ නෑ ලොකු මල්ලි ඇඳුම් නවනවා, කොස්සක් අරන් අතුගානවා, මකුළුදැල් කඩනවා. ඒ වගේම ඒමි නංගි පුංචි කුකීව කුසේ දරාගෙන, ඉදිමුනු දෙපා සහිතව, දූවිල්ලෙන් හෙම්බිරිස්සාව හදාගෙනත් මට හුඟක් උදව් කළා. අපි විහිලුවටත් කියන්නෙ ගෙවල් හැඩකරන හැටි ගැන උපාධියක් හිමි ඒමි කියලනෙ. මොකද ඇත්තටම ඒමිගේ උපාධිය ගෘහනිර්මාණ ශිල්පයේ interior designing ගැන නිසා. කොහොමහරි අන්තිමට චුංගි නෝනා ආසාව වැඩි කමට ආපහු යන්න බෑ කියලා අඬන තැනටම වැඩේ ලස්සනට වුණා..."