එකම විදිහට ඇඳපු ප්‍රියසාද් පවුලේ ’’බාලිකා සංචිතය’’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා තරු දිදුලන පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ ජනප්‍රිය තරු රැසක් කලා ලෝකයේ බබලන පවුලක්. 

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් ාද ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් එක්ක සටහනක් පල කරලා තිබුනා. ඒ පෙඉයසාද් පවුලේ කාන්තා පාර්ශ්වය ගත් ඡායාරූපයක්.

දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි, විතරක් නෙමෙයි ඔවුන්ගේ මව වන ශ්‍රියානි ප්‍රියසාද් ද පවුලට එක් වුණු බෑනාවරුන් වෙන සාරංග දිසාසේකරගේ මව ප්‍රවීන නිවේදිකා තිලකා රණසිංහ සහ ක්‍රිෂාන් පෙරේරාගේ මවද මේ ඡායාරූපයේ පෙනී සිටිනවා. විශේෂත්වය වන්නේ දිනක්ෂිගේ සහ ශේශාද්‍රිගේ පුංචි දුවලා දෙන්නත් මේ ඡායාරූපයේ පෙනී සිටිමයි.

ඔවුන් එකම ඇඳුම් විලාසිතාවකින් සැරසිලා ඉන්නේ. මේ ඇඳුම් සියල්ලම නිර්මානය කරලා තියෙන්නේ ඔවුන්ගේ මව වන ශ්‍රියානි ප්‍රියසාද්.

දිනක්ෂි මේ ඡායාරූපය පළ කරලා ඇයට තුති කර සටහනක්ද පල කර තිබුනා.

"බාලිකා සංචිතය... හිරෙන් එලියට ආවා විතරයි...
අපි හැමෝටම ගැලපෙන ගැළපෙන ඇඳුම් සාදා දීම ගැන අම්මිට ස්තූතියි"