එකෙක් පැය 36කට වඩා කුසට අහරක් නැතුව, අනිකා යටිපතුල් පැළෙනකම් තාර පාරෙ දවස් දෙකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පසුගිය දා කටුවාපිටිය ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ සිට කුරුසය කර තබාගනිමින් පාගමනක් ආරම්භ කළා. ඔහු කටුවාපිටියේ සිය කොච්චිකඩේ දෙව් මැදුර දක්වාත් එතැනින් ගෝල්ෆේස් අරගල භූමිය දක්වාත් කුරුසය කර තබාගෙන ඊයේ (22) පැමිණියා. එමෙන්ම කුරුසය කර තබාගත් සිය සටන් සඟයා අරහල භූමියට පැමිණෙන තුරා නිරාහාර සත්‍යාග්‍රහයක රංගන ශිල්පී කළණ ගුණසේකර නිරත වූවා. කෙසේවෙතත් ජෙහාන් අරගල භූමියට පැමිණිවිට දින දෙකක සත්‍යාග්‍රහයක නිරත වුණු කළණ ගුණසේකර සිය සත්‍යාග්‍රහය නිමා කරනු ලැබුවා. 

එහි ඡායාරූප කිහිපයක් පහතින්