උසස් පෙළ ලියලා ඉවර වුණාට පස්සේ තමයි මම පෝන් එකක් පාවිච්චි කළේ
හිරු රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වෙන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩිගේ චරිතයට පණ පොවන නිලුෂි පවන්යා ඔබ කවුරුත් ආදරය කරන දක්ෂ යොවුන් රංගන ශිල්පිණියකි. මෑත කාලයේ ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ප්‍රේක්ෂක ඔබ දුටු ඇයට අපද මෙවර ඉඩක් වෙන් කළා.
නිලුෂි දැනට පාවිච්චි කරන Phone වර්ගය මොකක්ද?
ඇපල් අයිපෝන් 11 ප්‍රෝමැක්ස් පෝන් එකක්. ඒක පාවිච්චි කරන්න අරගෙන නම් දැන් වසරක් විතර වෙනවා. මගේ අයියා තමයි මේ පෝන් එක මට අරන් දුන්නේ.
නිලුෂි පාවිච්චි කරන කිවෙනි Phone එකද?
එහෙම නම් මතකයක් නැහැ මගේ. හැබැයි මම ලොකුවට පෝන් පාවිච්චි කරන කෙනෙකුත් නෙවෙයි. ඇපල් අයිපෝන් වර්ගවලින් නම් මේක මගේ හතරවැනි පෝන් එක කියලා කියන්න පුළුවන්.
මතකද ඔබ මුලින්ම පාවිච්චි කරපු Phone එක?
ඔව්, මම අ.පො.ස උසස් පෙළ විභාගය ලියලා ඉවර වුණ ගමන් ගත්තේ. වර්ගය නම් මතක නැහැ. මමම සල්ලි හම්බ කරලා තමයි ඒ පෝන් එක ගත්තේ. මට මතක හැටියට ඒ 2012 වසරේ. ගාණ රුපියල් පන්දහයි. පුංචි පෝන් එකක් පින්ක් කලර්. මම නර්තන ප්‍රසංගයකට වවුනියාවේ ගිය වෙලාවේදී ඒ පෝන් එක නැතිවුණා මගේ අතින්.
දවසින් දවස අලුත් Phone වර්ග වෙළෙඳ පොළට එනවානේ?
නැහැ. එහෙම හැම Phone එකකටම මගේ හිත ගිහින් නැහැ. අයිපෝන් එකකට හිත ගියේ ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක නිසා. ගොඩක් අය පාවිච්චි කරනවා නේ. අනික එකේ කැමරා, විඩියෝ වගේ දේවල් තාක්ෂණය අතින් ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. අපි වගේ රංගන ශිල්පිණියන්ට ඉතින් ගොඩක් වැදගත් මේ වගේ Phone එකක් පාවිච්චි කරන එක තමා. ඒ හින්දා තමයි ඇපල් අයිපෝන් එකක් ගන්න හිතුවේ.
Phone එකේ වැඩිපුරම පාවිච්චි කරන ඇප් එක මොකක්ද?
වර්තමානයේ නම් නෙට්ෆිලික්ස් තමයි. මොකද, මම වැඩිපුරම ටෙලි නාට්‍යය හා චිත්‍රපට බලනවා නෙට්ෆිලික්ස් එකේ. ඊට අමතරව ඉන්ස්ටර්ග්රෑම්ස්, ෆේස්බුක්, වට්සැප්. මේ ඔක්කොටම වඩා ඉතින් කැමරාව තමයි මම වැඩිපුරම පාවිච්චි කරන්නේ.
දැන් පාවිච්චි කරන පෝන් එකෙන් ගත්ත ලස්සනම පොටෝ එක මොකක්ද?
එකක් කියලා නැහැ ඉතින්. මගේ ගත්ත හැම සෙල්ෆි පොටෝ එකක්ම මටනම් ලස්සනයි. ගොඩක්ම මගේ Phone එකේ තියෙන්නේ මම ගත්ත සෙල්ෆි පොටෝ. මගේ ඇරෙන්න යාළුවන්ගේ ගෙදර අයගේ පොටෝ එහෙමත් තියෙනවා මේකේ.
අලුත් Phone එකකට මාරු වෙන්න අදහස් නැද්ද ළඟඳි?
දැනට නම් අදහසක් නැහැ. ඉතින් Phone එකට මොකක් හරි වුණොත් අලුත් එකකට යනවා. එහෙම නොවුණොත් කාලයක් මම මේක පාවිච්චි කරනවා. කොහොමත් ලොකු කැමැත්තක් නැහැ මට Phone ගැන. Phone එක හොඳට වැඩ කරනකම් ඒක මම දිගටම පාවිච්චි කරනවා.
බුද්ධික සේනාධීර