උපතින්ම මට ලැබුණේ ඔබේ ලස්සන රූපයට ඉතාම සමාන පෙනුමක් - තාත්තා වෙනුවෙන් ඇය තැබූ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඊයේ පියවරුන්ගේ දවස. ඉතින් ඒ වෙනුවෙන් හැමෝම වගේ විවිධ සටහන් තබා තියෙන අයුරු දක්නට ලැබුණා. මේ ඒ සටහන් අතර හමුවුණු පුෂ්පිකා තැබූ ආදරණීය සටහනක්. 

මගේ ආදරණීය තාත්තේ, 

අද මේ සිටින පුෂ්පිකා ද සිල්වා නැමති දැවැන්ත ශක්තිමත් යකඩ ගැහැණිය ගොඩනගන්නට ලොකුම උදාහරණය වූයේ ඔබයි.  ජීවිතේ හය හතර දන්නා දවසේ පටන් "..ගැහැණු දරුවෙක් වුනත්, පිරිමි දරුවෙක් තරමටම ශක්තිමත් ව ජීවිතයට මුහුණ දිය යුතුයැයි .." කියන පාඩම දවසින් දවස ඉගැන්වූයේ ඔබයි. මගේ ආත්ම විශ්වාසය දවසින් දවස ඉහල නැංවූයේ ඔබ ඒ සියලු ජීවිත පාඩම් උදාහරණ, ක්‍රමවේද සහිතව කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ප්‍රායෝගිකව ම ඉගැන්වූ  නිසයි. මගේ ජීවිතයේ පරමාදර්ශය ඔබයි. මගෙ තාත්තේ, ඔබ තරම් මිනිසුන්ගේ අග හිඟකම් දුක හඳුනන තවත් කෙනෙක් මම දැකලා නැහැ. අද මම කෙනෙකුට යමක් දෙනවා නම් ඒ ඔබ පුරුදු කල පරිත්‍යාග කිරීමේ පුරුද්ද නිසාමයි. තාත්තා කියා දුන් ගුරු හරුකම් සදා අමරණීයයි. මගෙ තාත්තේ, උපතින්ම මට ලැබුනේ ඔබේ ලස්සන රූපයට ඉතාම සමාන පෙනුමක්. මේ සුවිශේෂී උස පවා ලැබුනේ ඔබගෙන්මයි. අම්මා සහ ඔබගේ එකතුවෙන් මෙලොවට බිහිවුන මට කිහිප වතාවක්ම මගේ රටේ තිබුණු තරඟවලින් ජයග්‍රහණය ලබාගෙන, ජාත්‍යන්තරය  දක්වා ගමන් කරන්නට ලැබුණේ ඔබ  දුන් ධෛර්යය ශක්තිය නිසාමයි. ඉතින් අද පියවරුන්ගේ දිනයේ, මම ඔබ වෙනුවෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව මගෙ රත්තරන් තාත්තේ. මගේ ජීවිතයේ ලොකුම ආඩම්බරය ඔබ මගේ තාත්තා වීම යි. ඔබ රැක දෙන්න කියා මම දෙවියන් වහන්සේගෙන් උදේ හවස යදිනවා.  ප්‍රාර්ථනා කරනවා. සොබාදහමෙන් සෑම දිනකම ඉල්ලා සිටිනවා. මම මගේ රත්තරන් තාත්තට ගොඩාක් ආදරෙයි.!

- පුෂ්පිකා ද සිල්වා