උපේක්ෂා ස්වර්ණමාලී මෙතෙක් නොකී අතිශය සංවේදී කතාවයි මේ
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ ටෙලි තිරයෙන් ක්ෂේත්රයට පිිවිසුණු, අවසානයේ ප්රේක්ෂකයින්ගේ අතිමහත් ආදරය දිනාගන්න සමත් වුණු සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය පුංචි දුවෙකුගේ අම්මා කෙනෙක්. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ ඇය ඇගේ පෞද්ගලික ජීවිතේ බොහෝ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා. විශේෂයෙන් ම ඇය ඇගේ පුංචි දුවණිය ගැන මෙසේ සංවේදීව හෙළිදරව් කළා.
මොන වගේ අම්මා කෙනෙක්ද?
රූගත කිරීම් යනකොට මම දුවව එක්කන් යනවා. අද කාලේ මම දකින විදිහට ආච්චි සීයාවත් එහෙම නැත්තම් කාවවත් සීයට සීයක් විශ්වාස කරන්න බෑ. මොකද සියලු දෙනාට ආතතියක් තියෙනවා. මම කැමති මගේ දුවව ඇස් ඉදිරියේ තියාගන්න.
දරුවාගෙන් ලැබෙන ආදරේ..?
දෙයියනේ මගේ දරුවට අවුරුදු 5යි. ඕනවටත් වඩා ආදරේ ලැබෙනවා. හැමදේකට වඩාම එක විය යුත්තේ ආදරෙ කියලනේ කියන්නෙ. තාත්තට වඩා මට ආදරේ පෙන්නවා දුව.
දුවව හම්බුණේ අහම්බයක් විදිහටද ? ප්ලෑන් කරලද?
අහම්බයක් විදිහට. ජීවිතේ අපි හැමෝටම හැමදේම ලැබෙන් නෑ. ලද දෙයින් සතුටු වෙන්න ඕනි අපි. ගෘහණියකගේ හීනේ තමා මට තිබුණේ. මට අවුරුදු 32දී ඒවා වෙනස් වුණා. ජීවිතේ අපිට පාලනය කරන්න බැරි කොටසක් තියෙනවා. අපේ කර්ම ශක්තිය අනුව ඒක තීරණය වෙනවා. මොන ප්රශ්නෙ වුණත් මානසිකව වැටෙන්න එපා. පුංචි කාලේ ඉඳන් මම ආසාවෙන් හිටියා අම්මා කෙනෙක් වෙන්න. මට අවුරුදු 32දී දුව ඉපදෙන්නෙ. ඒක අහම්බෙන් වුණේ. ලද දෙයින් සතුටු වෙනවා.
දුවව හම්බුණ මොහොතේ දැණුනු හැඟීම..?
කවදාවත් තමන්ගේ අත්දැකීම පොදු කරන් එපා. මේක වුණත් සාපේක්ෂයි. දුව හම්බෙනකන් මට කිසිම අමාරුවක් දැණුනේ නෑ. සීසර් එකට මම කැමති වුණා. දුවව මගේ අතට දෙනකන්ම මට අමාරුවක් තිබුණේ නෑ. මේ මගේනේ. මගේ ලේ වලින්නෙ. කියන හැඟීම දැණුනා. පුදුමයක් දැණුනා.
අම්මාගේ තාත්තගේ දායකත්වය ?
අම්මා තාත්තා සීයට පනහ පනහ එක හා සමානව දරුවා හදන එකට දායක වෙන්න ඕනි. ඒකත් මේ සොබාදහමේ කොටසක්. වින්දනය විතරක්නේ අපේ මිනිස්සු මුල් කරගන්නෙ. දරුවා ඉපදුනාට පස්සෙ දරුවෝ නඩත්තු කරන්නේ (සීයට හැත්තෑ ගාණක්) අම්මලා. තාත්තලට මොකද්ද වෙලා තියෙන්නෙ? ආර්ථික අතින් වුණත් අම්මලා බලන්නෙ. අපිට මාස ගණන් නින්ද නැතිවෙනවා දරුවෝ නිසා. දුවට මාස 6ක් වෙනකන් මම රඟපෑවේ නෑ. ආයෙ එන්න වෙනවා ආර්ථිකෙත් එක්ක.
දරුවා නිසා තරහා ගිය අවස්ථාත් තියෙනවද?
අඩු බරට ඔන්න මෙන්න තිබ්බේ දුව. හරිම චූටියි. මට තේරෙන් නෑ මගේ පළවැනි දරුවානේ. අවාසනාවකට මගේ උදව්වට කවුරුත් හිටියේ නෑ. ඒක ගොඩක් අමාරු වුණා. දුව ඉක්මණට ලොකු වෙන්න කියලා මම හිතුවා. අපි අපේ ලස්සන ගැන අනිවාර්යෙන්ම හිතනවා. බඩේ ඉරි තැලුනම හරි කැතයි. ඇඟ ගොඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මට ප්රශ්නයක් ආවේ නෑ ඒකෙන්. දුවව පුරුදු නැතිකම තමයි මට තිබ්බ ප්රශ්නය. තාත්තා කෙනෙක්ටවත් දරුවෙක්ව තනියෙන් බලන්න බෑ. ඒක අමාරුයි.
මගේ දුවගේ තාත්තා කලින් විවාහ වෙච්ච කෙනෙක්. එයාට ඒ පවුලෙන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මං ඒ දරුවෝ දෙන්නත් එක්ක ගොඩක් සමීප වුණා. ඒක ගොඩක් වැඩිවුණා. එතකොටත් ප්රශ්න එනවා. හැබැයි අපිත් මිනිස්සු. දරුවෙක් එක්ක නැවත විවාහ වෙනවා කියන ලේසි නැහැ. පුලුවන් තරම් අපි බුද්ධිමත් වෙන්න ඕනි. විවෘත වෙන්න ඕනි. අනාගත සැළසුම් ගැන, නොගැළපීම් ගැන අවංක වෙලා විවෘත වෙලා කරගන්න පුළුවන් නම් හොඳයි.