උදාරි වර්ණකුලසූරියත් සටනට එකතු වෙයි ! දේශපාලඥයින්ට ඇඬෙන්න කියපු කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රටේ පවතින වාතාවරණයත් එක්ක. දැන් දැන් කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා වගේම, තවත් දන්න හඳුනන ජනප්‍රිය පිරිස් සටන් පිටියට පිවිස තිබෙනවා. විශේෂයෙන්ම මුහුණූ පොතේ එසේ හඬ නැඟු පිරිස් අතරට, උදාරි වර්ණකුලසූරියත් එකතු වුණා. මේ තියෙන්නෙ ඇය ලියූ සටහනක්.

කුරුල්ලෙකුට රිසිසේ පියාපත් විහිදා පියාඹන්නට ඇවැසිය,
ගසකට අතු පතර විහිදා රිසිසේ වැඩෙන්නට ඇවැසිය,
මිනිසෙකුට සිය සිතැඟියාවන් නිදහසේ මුදා හරින්නට ඇවැසිය,
විලංගු දා සිර කර තබන සිතුවිලි දිනෙක එරෙහිව නැගී සිටී.
මේ හඬ නැගෙන්නේ අපේම මිනිසුන්ගේ හද ගැස්මයි.
එරෙහි විය යුතු තැන එරෙහි වන්නටත් එකඟ විය යුතු තැන එකඟ වන්නට නොහැකි නම් මේ ලක්දෙරණ අප හට කුමට රජුන් දැය තනන්නට..
මේ පුංචි රට ඔබගේත් මගෙත් මව්බිමයි.
රට වෙනුවෙන් පෙනී සිටින්නට ඇවැසි හැම මොහොතකම
ඔබ සිටිනා තැන සිට ගන්නට මම ද එක් වෙමි.
මන්ද යත්,
ඔබේ හද ගැස්මත් මගේ හද ගැස්මත් වෙනසක් නොවන නිසා.
කලා ලෝකයේ මෙවන් ගමනක් මා ඉදිරියට ගියේ නම් ඒ ඔබ නිසාමය.
මම ද ශ්‍රී ලාංකීය පුරවැසියෙක්මි.
ජනතාවගේ දුක නොදැනෙන ජනතාවගේ හඬට සංවේදී නොවන පාලකයන් වෙනුවෙන් ඔබ නැගී සිටින්නේ කොතන ද මම ද එතැන සිටිමි.
මහජනතාවගේ ගැටළුවලට සංවේදී නොවුණු රාජ්‍ය පාලකයින් පාලනයෙන් නෙරපා දමන්නට එදා අතීත පුරවැසියෝ ක්‍රියා කළහ.
පාන් නැත්නම් කේක් කන්න යැයි මාරි ඇන්ටනොව් කුමරිය කළ ප්‍රකාශයම පාලකයා කෙතරම් මහ ජනතාවගෙන් දුරස්වී තිබේදැයි කියන්නට සාක්ෂියකි.
පරමාධිපත්‍ය බලය භාවිතා කර අපි වෙනුවෙන් පාලනය කරන්නට යැවූ ජනතා නියෝජිතයින් හුදෙක් තම සුඛ විහරණය වෙනුවෙන්
කිසිදු ජීවන ගැටළුවකට මුහුණ නොදී අසරණ ජනතාව පීඩනයට ලක් කිරීම කලාකාරියක් ලෙස මම තරයේ හෙළා දකිමි.
ජනතා ප්‍රාර්ථනා සඵල කළ නොහැකි අසාර්ථක පාලනයකට එරෙහිව ජන බලය නගාසිටුවමු.
අනේ අපේ පුංචි එවුන්ට
හෙටක් දෙන්න එකතු වෙන්න
උදාරි වර්ණකුලසූරිය.