උතුම් මව් පදවියට ළඟ ලෑස්ති වෙන ජනප්රිය නිවේදිකා සචිනි ඇයගේ 30වන උපන්දිනය ජයටම සැමරූ හැටි
සචිනි නිපුන්සලා කියලා කියන්නේ දෙරණ නාලිකාව හරහා නිරන්තරයෙන්ම ප්රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්රිය වගේම සුරූපී සුන්දර නිවේදන ශිල්පිනියක්. ඉතින් ඒ වගේම නිවේදනයට මෙන්ම නර්ථනයටත් ඇය ඉතාම දක්ෂ බව දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා.
ඉතින් දෙරණ චැම්පියන්ස්ටාර් වැඩසටහනේ නිවේදිකාවක් විදිහට වසර ගණනාවක් තිස්සේ ප්රේක්ෂකයින් හමුවට එන ඇය දැන් ඉසුරු කියන කඩවසම් තරුණයා සමඟ විවාහ වෙලා දැන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව කාටත් රහසක් නම් නෙවෙයි.
ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලෙන් පහුගිය දවසක අපිට හරිම සුන්දර පුවතක් අහන්න ලැබුණා. ඉතින් ඒ තමයි මේ රටක් ආදරය කරන ආදරණීය නිවේදන ශිල්පිනිය හා හා පුරා කියලා කුළුදුලේ උතුම් මව් පදවියට සුදානම් වන පුවත. ඉතින් ඒ ගැන තොරතුරු අපි පහුගිය දවසක ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති.
ඉතින් මේ විදිහට කුළුදුලේ කිරි සිනහවත් අරගෙන මේ පුංචි කැදැල්ලට එකතු වෙන්න ඉන්නේ පුංචි පුත් කුමාරයෙක් කියලත් ඇය පහුගිය දවසක හැමෝටම කිවුවා. කොහොම නමුත් ඇයගේ 30වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයගේ ආදරණීය සැමියයි යහළු යෙහෙළියෝ කිහිප දෙනෙකුයි එකතු වෙලා බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව පවත්වලා තියනවා අපට දැකගන්න ලැබුණා.