ඉස්සර මගේ මූණ පුරා කුරුලෑ ඇවිත් මම හරිම කැතයි, මම හරි කළුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරංජනී ශන්මුගරාජා.. නම කියූ සැනින් ඔබට ඇයව මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි. ඇය සිය සිනමා ජීවිතයේ සුවිශේෂීම මතකයක් ගැන සති අන්ත පුවත්පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා. ''සිනමා පටයකින් මාව මුලින්ම 'ඉනිඅවන්' චිත්‍රපටයෙන් තමයි දකින්න ලැබුණෙ. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අශෝක හඳගම මහතායි.

ඇත්තම කියන්නද.. ඉස්සර මගේ මූණ පුරා කුරුලෑ ඇවිත් මම හරිම කැතයි. මම හරි කළුයි. මාව මුලින්ම රිදී තිරයෙන් නිළියක් විදිහට දකිද්දි මගේ ඒ කැතවත්, මගේ පාට අඩුවීමවත්, දතේ කැතවත් ඔහු නිර්මාණයට අදාළ කර ගත්තෙ නැහැ.

ඒ නිර්මාණවේදියා මගේ දක්ෂතාවයයි අදාළ කර ගත්තෙ. ඒ නිසා මුලින්ම 'ඉනිඅවන්' චිත්‍රපටයේ රඟපාපු මාව විශාල තිරයෙන් දකිද්දි මට පුදුම හිතුණා. ඒක මාව 'සප්‍රයිස්' කළා. මේ සමාජයේ අදටත් ලස්සනට වඩා දක්ෂතාවයට තැනක් තියෙනවා කියලා මම දන්නවා.

ඒක මට සහතික කරන්න පුළුවන් හොඳම අවස්ථාව 'ඉනිඅවන්' චිත්‍රපටයයි. නිළියකගේ සුදු, ලස්සන, පැහැපත්, ප්‍රියමනාප බව එදා මගෙන් ලැබුණෙ නැති වුණත් මට ඒ චිත්‍රපටය ලැබුණා. ඒ කාලේ තිබුණු මගේ කැතවත්, පාට අඩුවීමවත්, කුරුළෑවත් සිංහල සිනමාවට අදාළ වුණේ නැහැ. ඒ දැක්ම මාව පුදුම විදිහට 'සප්‍රයිස්' කළා වගේම මාව ධෛර්යමත් කළා.''

දිශානි