ඉෂානි කිව්වාම නොදන්න කෙනෙක් නැහැ
‘‘ඉස්කෝලේ කාලේ’’ විශේෂාංගයෙන් මෙවර සදැල්ල හා එකතුවන්නේ රංගන ක්ෂේත්‍රයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් දිනාගත් ආදරණීය චරිතයක්.
ඇය නමින් ඉෂානි විජේතුංග.
මම එක වසරේ සිට 13 වසර දක්වාම ඉගෙනගත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ. පුංචිම කාලේ මම හරිම අහිංසක නිවුණු චරිතයක්. ඒ කාලෙ මම ගොඩක් සුදු ලස්සන ළමයෙක්ලු. ඒ නිසාම මම කලුවෙයි කැතවෙයි කියලා පුංචි කාලෙදී අම්මා මාව බාහිර ක්‍රියාකාරකම් කිසිම දේකට යොමු කරලා නැහැ. එතැනින් පස්සෙ මට තේරෙන වයසට ආවම 10, 11 වසරවලදී වගේ තමයි ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවවලදී යම් යම් දේවල්වලට සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒ කාලෙට විතරක් ආචාර පෙළපාලි, සරඹ සංදර්ශන වගේ දේවල්වලට සම්බන්ධ වුණා.
පුංචි කාලෙදී මම එතරම් ජනප්‍රිය චරිතයකුත් නෙමෙයි. නමුත් A/L කාලෙට ආවට පස්සෙ මම ටිකක් ඉස්කෝලේ ගුරුවරු සහ ළමයි අතර ජනප්‍රිය වුණා.
පුංචි කාලෙ අහිංසක විදියට හිටපු චරිතයA/L වලට ආවට පස්සෙ ගොඩක් දඟ චරිතයක් වුණා. මම A/L කළේ වානිජ අංශයෙන්. ඒ අංශයේ මම හරිම ජනප්‍රියයි. ඉෂානි කිව්වම ඒ අංශයේ නොදන්න කෙනෙක් නැහැ.
යාළුවො එක්ක එකතුවෙලා ගොඩක් දඟවැඩ කළා. ඒවා මතක් වෙද්දිත් ඇත්තටම හරිම සතුටුයි. සුන්දර මතක ගොඩක් තියෙනවා. මුලින්ම නම් ඉස්කෝලෙ දඬුවමක් කියලා ලැබුණෙ O/L කාලෙදි. ඒ නැටුම් පිරියඩ් එක කට් කරලා. ඒ දවසෙ ඩබල් පීරියඩ් තිබුණ නිසා යන්න හිතුණේ නැහැ. කොහොමහරි ඉතින් ඒ පීරියඩ් දෙක කට් කරලා ප්‍රින්සිපල්ගෙන් හොඳ ගුටියකුත් කෑවා. එතනින් පස්සෙනම් ඒ කාලෙ ආයෙත් පීරියඩ් කට් කළේ නැහැ. නමුත් A/L වලට ආවම නම් පන්තියේ හිටියෙම නැති තරම්. ඉංග්‍රීසි පීරියඩ් එකේ නම් ඉන්නෙම නැහැ. ඒත් ඉතින් අපි පන්තියෙ නැති වුණාම ටීච අපිව හොයාගෙන එන්න කියලා පන්තියෙ ළමයින්ව එවනවා. පන්ති කට් කරලා අපි ඉන්න තැනක් තියෙනවා. ඒ ජූස් බාර් එකක අපේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ ජූස් බාර් එකක් තිබුණා. ඉතින් අපි එතැනට ගිහින් පළතුරු කකා කියව කියව ඉන්නවා. ඒ තැන වැඩිපුර කවුරුත් ගැවසෙන් නැති නිසා හරිම නිස්කලංකයි.
අපි එතැන ඉන්නවා කියලා යාළුවො ඉතින් දන්නවා. ටීච අපිව හොයාගෙන එන්න කියලා කිව්වම යාළුවො එතැනට ඇවිල්ලා පණිවිඩේ දෙනවා. ඉතින් අපි පන්තියට ගියාම රටේ නැති බොරු කියන්නෙ. වොෂ් රූම් ගියා කියලා ෂේප් වෙනවා. අපි දඟ වුණාට ගුරුවරු ගොඩක් ආදරෙයි. ඉතින් දඬුවම් එහෙම ඒකාලෙ ලොකුවට කළේ නැහැ. ඉස්කෝලෙදි ටීචස්ලා නැතිවුණාම අපි ඩෙස්ක්වලට ගගහ සින්දු කියනවා. A/L කාලෙ අපි 13 දී. අපිට පහළ තට්ටුවේ හිටියේ 12 වසරේ ළමයි. එක වතාවක් ඒ ළමයි ප්‍රින්සිපල්ට පැමිණිලි කරලා තිබුණා අක්කලා සින්දු කියනවා අපිට වැඩක් කරගන්න බැහැ කියලා. ඊට පස්සේ මැඩම් ඇවිල්ලා අපිට හොඳටම බැනලා එහෙම ගියා.
සින්දු කියනවා වගේම ටීචස්ලා නැති වුණාම අපි රවුම් හැදිලා ඕපදුප කතා කරකර ඉන්නවා. ඒ කාලෙ ඉතින් අපිට කතා කරන්න ගොඩක් මාතෘකා එහෙමත් තියෙනවනෙ. ඒ කාලෙ ඉතින් ටෙලිනාට්‍ය, චිත්‍රපටි වගේ දේවල් ගැනත් කතා කරනවා. ඒ කාලෙ ගායකයොන්ට, නළුවන්ට එහෙම පිස්සු වැටිලා ඒවා කතා කරපු කාලෙකුත් තිබුණා.
මට මතකයි අපේ ඒ කාලෙ ගොඩක් දෙනෙක් පිස්සු වැටිලා හිටියා දුෂ්‍යන්ත් වීරමන් අයියාට. දුෂ්‍යන්ත් අයියගේ ෆොටෝ එකතු කරලා පොතක එහෙමත් ඇලෙව්වා. ඒ වගේම තවත් පිස්සු වැටිලා හිටපු චරිතයක් තමයි හේමාල් රණසිංහ කියන්නෙ. ඒ කට්ටිය දැක්කම හරි ආසයි. සමහර වෙලාවට දෙගුරු හමු එහෙම තියෙනවනෙ. එ්වාට අම්මා ඉස්කෝලෙට ආවම අපේ වැරදි කියනවා ටීචස්ලා. මට A/L වලට ආවම ගොඩක්ම කිව්වෙ පන්තියෙ ඉන්නෙ නැහැ දඟ කරනවා කියලා. අම්මා ඉතින් ඒ වෙලාවේ හිමින් කියනවා ‘‘යංකෝ ගෙදර’’ කියලා එ්ත් ගෙදරට ආවම මොනවත් කියන්නෙ නැහැ. ඒත් අම්මාට මම මාරම බයයි. මම ගෙදර එකම ළමයානෙ. මගේ තාත්තා මම පොඩි කාලෙම නැති වුණා. ඒ නිසා අම්මා මගේ පස්සෙන්ම වගේ හිටියා. ඉස්කෝලෙන් පස්සෙ අමතර පන්තියකට ගියත් අම්මා පස්සෙන්ම හිටියා. ඒ කාලෙ ඉතින් පිරිමි ළමයින්ගෙන් ප්‍රේම ආරාධනා එහෙම ගොඩක් ආවා. ඒත් ඒවාට ප්‍රතිචාර දක්වන්න එහෙමත් ඒ කාලෙ හරි බයයි. මොකද අම්මා ළඟින්ම හිටියානෙ. ඒත් මට පිරිමි යාළුවො නම් ගොඩක් හිටියා. අපේ ඉස්කෝලෙ පිරිමි ළමයි නැති නිසා අමතර පන්තිවලට ගියාම ඒ යාළුවො ගොඩක් අපිත් එක්ක ෆිට් වුණා.
ඉස්කෝලෙ කාලෙ මට තියෙන අමතක නොවනම සිදුවීම තමයි අපේ ඉස්කෝලේ 12 වසරෙදී අවුරුදු කුමාරි තරඟයක් තියෙනවා. ඒ තරඟයට හැම අංශයකින්ම පන්තියකින් දෙදෙනාගානේ ළමයින්ව ඉදිරිපත් කරනවා. මගේ පන්තියෙන් ටීච යොමු කළේ මාවයි, තවත් ළමයෙකුයි. ඉතින් මගේ වසරෙදී මට අවුරුදු කුමාරි දෙවන ස්ථානය දිනාගන්න හැකි වුණා. ඒ සිදුවීම මට මතකයේ රැදෙනම මොහොතක්. අදටත් මම ඉස්කෝලෙ ළඟින් යද්දී ඒ සොඳුරු මතකයන් සිහියට එනවා. ඒ වගේම අපි දුවලා, පැනලා සුන්දර විදියට යාළුවොත් එක්ක ඒ ගෙවපු අතීතයට ආයෙත් යන්න තියෙනවානම් කියලා හිතෙනවා. ඒ තරමට ඒ කාලෙ සුන්දරයි. ඉස්කෝලෙ ළඟින් යද්දිත් මාරම හැඟීමක් ඇතිවෙන්නෙ. ඒ හැඟීම වචනවලින් කියාගන්න බැහැ.