ඉන්දියානු රාජ කුමාරයන් වුණු කඩවසම් රංගන ශිල්පීන් දෙපළ
රොෂාන් රණවන කියන්නේ කලක් මෙරට රිදී තිරයේ සිහින කුමරා බවට පත් වෙමින් අඛණ්ඩව තම ජනප්‍රියත්වය පවත්වා ගත් රංගන ශිල්පියෙක්. ධනංජය සිරිවර්ධන කියන්නේ කලා පවුලකින් ක්ෂෙත්‍රයට පැමිණ විවිධ චරිත ඔස්සේ ටෙලි සහ රිදී තිරයේ තම දක්ෂතාව පෙන්වූ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
මේ රංගන ශිල්පීන් දෙදෙනාව සම්බන්ධ කරගෙන අපූරූ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා. ඒ රැෆෙලා ප්‍රනාන්දු විසින්. මෝස්තර නිර්මාණ ශිල්පිනියක් සේම ඡායාරූප ශිල්පිනියක් වෙන රැෆෙලා සෑම වසරකම RFCC Celebrity Calendar නමින් කලා ලෝකයේ දීප්තිමත්ම තරු සම්බන්ධ කරගෙන ඔවුන්ව වෙනස්ම ආකාරයකින් හැඩ ගන්වලා ඡායාරූප ගත කර දින දර්ශනයක් නිර්මාණය කරනවා.ඒ දින දර්ශනයට මෙවර ධනංජය සිරිවර්ධන සහ රොෂාන් රණවනවත් සම්බන්ධ කරගෙන තිබුණා.
රැෆෙලා ඔවුන්ගේ ඡායාරූප පෙළ හඳුන්වන්නේ "රාජ කුමාරයන්" යනුවෙන්. ඉන්දියානු රාජ කුමාරයන් ලෙස සැරසුණු අපේ රංගන ශිල්පීන් දෙපළ කොච්චර කඩවසම්ද බලන්නකෝ.