ඇත්තටම මට නම් ඒක සුන්දරම අත්දැකීමක් මගේ ජිවිතේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර Star Travel විශේෂාංගය සමඟ ඒ මතකයන් බෙදා හදාගන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් සමඟින්.

රොෂෙල් Travel කරන කෙනෙක්ද ?

ඔව් ඇත්තටම මම Travel කරන්න ගොඩාක් කැමති කෙනෙක්. ලැබෙන පුංචි වෙලාවෙත්, පුළුවන් හැමවෙලාවෙම කොහේහරි ඇවිදින්න යන්න තමයි කැමති.

වැඩිපුරම travel කරන්නේ කාත් එක්කද ?

සාමාන්‍යයෙන් මම කොහේ ගියත් මගේ නංගි සහ මල්ලී එනවා මාත් එක්ක. ඒ නිසා යාළුවොයි, ගෙදර අයයි එකතු වෙලා තමයි කොහේ ගියත් යන්නේ.

රොෂෙල් ලංකාවේ වැඩිපුරම Travel කරන්නේ කොහෙද ?

ලැබෙන හැම අවස්ථාවකම මම ෂූටින් හිටියත් ඒක ඉක්මනට හරියට ඉවර කරලා ඇවිදින්න යන්න බලාගෙනම තමයි ඉන්නේ. ලංකාවේ නම් සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් අනුරාධපුරේ, කතරගම, නුවර යනවා. ඊට අමතරව down-south travel කරන්නත් මම කැමතියි. කොහෙහරි දුරක ලස්සන තැනක ෂූටින් වැටුණොත් ඒ තැන් වලත් ඇවිදින්න යනවා. 

විදේශයන්වල travel කරලා තියනවද ?

ඔව්, දැනට මම ඕස්ට්‍රේලියාවේ travel කරලා තියනවා. ඇත්තටම ඔස්ට්‍රේලියාව කියන්නේ හරිම සුන්දර රටක්. ඉතින් මම එහෙ ගිය අවස්ථාවේ ගොඩක් විනෝද වුණා. එක එක ලස්සන තැන් වල ඇවිදින්න ගියා. ඉදිරියේදී තවත් රටවල් වල සංචාරය කරන්න බලාපොරොත්තුවෙන් සහ අසාවෙන් ඉන්නවා. 

රොෂෙල්ට travel කරද්දී කන්න ලැබුණු රසම කෑම මොනවද ?

ඇත්තටම මම ෆුඩි කෙනෙක් නෙමෙයි. මොකද මම අලුත් කෑම ට්‍රයි කරනවා හරි අඩුයි. නමුත් මම ෂූට් එකකට කොත්මලේ ගිහින් කන්න ලැබුණු රස කෑමක් නම් තාම මතකයි. එහෙදි අපිට හම්බුණා නෙලුම් කොළෙන් බත් කන්න. කොහොමහරි ගමේ හාල් වලින් උයපු බත් එක්ක, කොස් මැල්ලුම්, කරවල හොදි, මිරිස්, පපඩම් බැදලා, කරි චිකන් එහෙම හදලා තිබුණා ඒ බත් එකේ. මම දන්නේ නැහැ අදටත් ඒ බත් එක මතක් වෙද්දී හරිම ආසයි. අපිට ඒ කෑම ලැබුණේ කමතේ වැඩ කරන අයට උයාගෙන ආපු කෑම වලින්, එයාල අපිට දුන්නා ඔයාලා කාලා බලන්න කියලා. 

රොෂෙල් කොහොමද ට්‍රිප් එකක් ප්ලෑන් කරන්නේ ?

සාමාන්‍යයෙන් ට්‍රිප් ප්ලෑන් කරන්නේ මම. නමුත් මගේ යාලුවෝ ටික හොයන්නේම කන්න. නමුත් මම ෆුඩි කෙනෙක් නොවන නිසා මම කෑම ගැන නෙමෙයි අපිට නිදහසේ ඉන්න, විනෝද වෙන්න පුලුවන්ද කියන දේ බලන්නේ. ඇවිදින්න යන්න තැන් තියනවනම් තමයි මම ගොඩක්ම කැමති නම් ඒ දේවල් බලලා තමයි තැනක් තෝරාගන්නේ. සාමාන්‍යයෙන් පාන්දරම ට්‍රිප් එකක් ගෙදරින් යනවා නම් උදේට මොනවහරි හදාගෙනත් යනවා. නැත්තන් එළියෙන් කෑම ගන්නවා.

මෙච්චර කාලෙකට travel කරපු ලස්සනම තැන මොකක්ද ?

ලංකාවේ ගත්තොත් ඇල්ල තමයි. ඊට අමතරව ඔස්ට්‍රේලියාවත් ලස්සනයි. එහෙදී නම් මට මෙමරීස් ගොඩක් තියනවා. මොකද මම ගොඩක් තැන්වල travel කළා. ඇපල් කඩන්න ගියා, හොට්ස් ප්‍රින්ග් ගියා, කැන්ගරුවෝ බලන්න ගියා ඒ වගේ ලස්සන මෙමරීස් තියෙන්නේ ඕස්ට්‍රේලියා සංචාරයේදී තමයි. 

ඉදිරියේදී රොෂෙල් travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න තැන් තියනවද ?

ඇත්තටම ඔව්. මම මේ අවුරුද්දෙත් ලස්සන තැන් ගොඩක travel කරන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම කවදාහරි දවසක travel කරන්න අසාවෙන් ඉන්න තැන් ටිකකුත් තියනවා. ඇත්තටම මම ගොඩක්ම travel කරන්න කැමති කෙනෙක්. මොකද අපේ තාත්තා පොඩ්ඩක් ස්ට්‍රික් කෙනෙක්. එතකොට හරිම අමාරුවෙන් තමයි අවුරුදු 20ක් 21ක් වෙනකන් travel කළේ. මොකද ඉගෙනීම් වැඩ එක්ක අවුරුද්දකට සැරයක් කොහෙහරි ට්‍රිප් එකක් ගියොත් ඇරෙන්න හරි අමරු වුණා ඒ කාලේ travel කරන එක. මම හරියටම travel කරන්න ගත්තේ අවුරුදු 21දී 22දී වගේ. මට තවම ඇවිදින්න යන්න තැන් ගොඩක් තියනවා. ඒ නිසා ඇවිදින්න යන්න අසාවෙන් ඉන්න තැන් ගැන අපි ඉස්සරහට කතා කරමු. 

travel කරන එක ගැන රොෂෙල්ට තියෙන්නේ මොන වගේ අදහසක්ද ?

ඇත්තටම මට නම් ඒක සුන්දරම අත්දැකීමක් මගේ ජිවිතේ. මොකද අපි අපේ වැඩ එක්ක ගොඩක් කාර්යයබහුල වෙලා ඉන්නේ. එතකොට අපි ගත කරන්නේ හරිම ඒකාකාරී ජිවිතයක්. ඒ නිසා ලැබෙන පුංචි වෙලාවක හෝ පුංචිම වෙලාවක් ෆ්‍රී කරගෙන හරි අපි ඇවිදින්න යන්න ඕනේ. අපි ඉන්න කාර්යබහුල පරිසරයෙන් මිදෙන්න ඕන. සාමාන්‍යයෙන් වැඩක් කරන අතරතුර ළඟ පාත බීච් එකක් තිබුණොත් විනාඩි පහ දහයකට හරි, රෑ 1කට 2කට හරි මම බීච් එකට ගිහින් එන්නේ. එතකොට අපේ ඔක්කොම ස්ට්‍රෙස් රිලීස් වෙලා හරි නැවුම් බවක් ලැබෙනවා. මනස සන්සුන් වෙනවා. ඒ නිසාම තනියම හරි යාළුවො එක්ක හරි පවුලේ අය හෝ ආදරේ කරන ඕනෑම කෙනෙක් එක්ක අපිට පුළුවන් ලැබෙන නිදහස් වෙලාවක ඇවිදින්න, එලියට යන්න. 

රොෂෙල්ට travel කරද්දී තියෙන අමතක නොවෙන සිදුවීම් තියනවද ?

මට සාමාන්‍යයෙන් travel සම්බන්ධයෙන් නම් ගොඩක් දේවල් මතකයි. මට හොදටම මතක ඕස්ට්‍රේලියා ගිය වෙලාවක එහේ බීච් එකක් බලන්නම ඕන වුණා. ඒ නිසා කොහොමහරි කට්ටිය එක්ක කිලෝමීටර් 300 විතර එහා ඈතකට ගියා බීච් එකක් හොයාගෙන හරිම සිතල වෙලාවක. ඉතින් බීච් එකේ හුළඟත් සීතලයි. මාත් එක්ක ගිය කට්ටියමත් ගල් වෙලා වගේ හිටියේ. මොකද අපි ගියෙත් වින්ටර් සීසන් එකේ නිසා. තව මට ඇපල් කඩන්න ඕන වෙලා ඇපල් කඩන්න ගියා. ඒ කාලේදී ඇපල් හැලෙනවා. හරිම දුකයි ඉතින්. නමුත් හොදට තියෙන ගස් ටිකක් හොයාගෙන අපි කොහොමහරි ඇපල් කඩලා ආවා.  

අමා අලහකෝන්