’’ආයෙත් ඇවිත්’’ නවතම වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනක් ජූනි 29 දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගවේදී, අධ්‍යක්ෂ රිචඩ් මානමුදලිගේ රචනයෙන් සහ නිර්මාණඅධීක්ෂණයෙන්,  නිර්මාල් පෙරේරා සහ තරංගා රාජමන්ත්‍රී  නිර්මාණ කාර්යයක් ලෙස  2022  කණ්ඩායම  මගින්  සංවිධානය කරන "ආයෙත් ඇවිත්" නවතම වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනක්  ජූනි 29 වන දින රත්මලාන දුම්රියදෙපාර්තමේන්තු රංග ශාලාවේදී සවස 3.30ට සහ 6.30ට වේදිකාගතවේ. දරිද්‍රතාව නිසා පීඩා විඳින යෞවනියක් වටා ගෙතී ඇති මෙහි, වර්තමානයේ රටේ සමාජ, දේශපාලනික, ආකල්පීය හා ආර්ථික ගැටලු පිළිබඳ සාකච්ඡාවට බඳුන්කර තිබීම මෙම නිර්මාණයේ විශේෂත්වයකි. ප්‍රසන්න චන්ද්‍රසිරි සමඟ රුචික තරංග විධායක නිශ්පාදනයක් ලෙස එලි දකින මෙහි අධ්‍යක්ෂණ සහයෙන් මලික්පෙරේරා, රංමලී සූරියආරච්චි, සම්පත් බණ්ඩාර ද, සංගීතය හා පසුතල නිර්මාණයෙන් ප්‍රසන්න චන්ද්‍රසිරි ද, රංග වස්ත්‍ර නිර්මාණයෙන් නන්දනී කුමාරි ද, දායක වේ.

මෙහි රංගන කාර්‍යය සඳහා විශාල නලුනිලි කැලක් දායක වන අතර එහි තරංගා රාජමන්ත්‍රී, කුමාර සපුතන්ත්‍රි, රන්මලී සූරියආරච්චි, රවීන්ද්‍ර බෝදාහන්දි, මලික් පෙරේරා, නන්දනී කුමාරි, ඉන්දික බණ්ඩාර, ප්‍රේමරත්න මුදලිගේ, නිරංජලා ලියනගේ, ප්‍රසන්න චන්ද්‍රසිරි, නයන වීරමන්, සම්පත් බණ්ඩාර, රුචික තරංග, අනුර ප්‍රියංගික, ප්‍රදීප් දිසානායක, ශ්‍රියානි රූපසිංහ, ධම්මිකා හේරත්, ඉසුරු මංචනායක යන පාත්‍රවර්ගයා ඇතුලත්ය. මෙහි මීළඟ දර්ශණය ජූලි මස 09 වන දින මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වේ. විමසීම් නිර්මාල් පෙරේරා  0724273006 මඟින් කළ හැක.