ආදරයේ 17වන වසර සමරමින්, රස මතක ගැන කියන උදය ශ්‍රී
උදය ශ්රීව මතකද. එහෙම අමතක නම් වෙන්න විදියක් නෑනෙ කොහොමත්. මොකද ඔහු හදවතට දැනෙන ගී ගයන ආදරණීය ගායකයෙක්. කොහොම නමුත් කාලයක් අපිට ඔහුව දකින්න ලැබුණේ නෑ. එහෙම වැඩිය දකින්න නොලැබුණු ඔහුව සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරිම ආදරණීය ඡායාරූප කිහිපයක් එක්ක දකින්න ලැබුණා. එයා දැන් පුතෙක්ගෙ තාත්තා කෙනෙක්. ඒ වගේම තමයි ඔහුගේ සොඳුරු ආදර කතාවට දැන් වසර 17ක් !
"හැම අවුරුද්දෙම අගෝස්තු 26 වෙනිදට, අපි මේ 2005 අගෝස්තු 26 වෙනිද ගත්තු Photo එක Post කරන්නෙ බොහෝම ආදරෙන්. ඇත්තටම ඒ දිනයට, ඒ වෙලාවට, ඒ කාලයට අපි දෙන්නම බොහොම ආදරෙයි. ඒ දවසවල දැන් ආදරවන්තයන්ට වගේ Smart Phones බහුල කාලයක් නෙමේ. ඒ නිසා ඒ දවස්වල අපි දෙන්න මුණගැහෙන්නෙ සති 2කට සැරයයි. ඒකත් ගෙවල්වලට හොරෙන්. ඉතුරු කාලයෙන් වැඩිහරියක්ම අපි කතාකළේ SMS වලින්. ඉතින් එහෙම පටන් ගත්තු අපේ ආදර චාරිකාවට අදට හරියටම අවුරුදු 17ක් පිරෙනවා. හැබැයි දැන් අපේ ආදර කතාව ලියන්න "දීඝායුෂ්" කියන චූටි රචකයත් එකතුවෙලා ඉන්න නිසා දැන් ඉතින් කතාව ලියන්නෙ එයාට ඕන විදිහට තමයි. So Happy anniversary my love @Guide Me Vindy We'll be ours forever until the great Nibbana I love you so much!..."