අහිංසක පොඩ්ඩෙක්ගේ මූණට හිනාව අරන් ආව, අකුරකට පාර කියූ පියුමි හංසමාලි
පියුමි හංසමාලි. නම කියූ සැනින්ම ඔබ ඈව හොඳින් හඳුනනවා. නිරූපණය ,රංගනය යන ක්ෂේත්රවලින් අසීමිත ජනප්‍රියත්වයක් ලබන ඈ, සිය ජනප්‍රියත්වය තවත් කෙනෙක්ගේ මුහුණට සිනහව කැන්දන්න යොදාගන්නා අයුරු හරිම අපූරුයි. එහෙම කියන්න හිතුණේ ඇය කළ උතුම් කටයුත්තක් පිළිබඳව සටහනක් අපේ ඇස ගැටුණු නිසයි.
"මතකයි නෙද මෙ පුතාව. මෙයා ඉන්නෙ මැදවච්චිය මෙ දරුවා කවදාවත් පාසැල් ගිහින් නැ පවු හරිම දුප්පත්. එයාගෙ තාත්තා එක්ක ටවුමට යනවා ලු සපත්තු මහන්න. මම දැක්කා මෙක දැක්ක ගමන් පොඩි සාදු යැව්වා එහෙ පොලිසිය එක්ක. පොලිසියෙ අය අපිට ලොකු සහායොගයක් දුන්න. අද ගියා පුතාව පාසැලට බාර දෙන්න.
කොල්ලා හරිම සතුටුයි අද. එයාට අවශ්‍ය සියලුම දෙ මම අරං දුන්නා. පාසැල ටිකක් දුරයි. ඉතිං එයාගෙ අක්කට බයිසිකල් එකක් අරං දුන්නා මල්ලිව පාසැල් අරං යන්න එන්න. එ වෙලෙ පුතාගෙන් ඇහුවා එයාටත් එකක් ඔනෙද කියලා. හා නැන්දා කැමති එකක් අරං දෙන්න කිව්වා.
පවු ඉතිං එයාටත් බයිසිකල් එකක් අරං දුන්නා. හෙට ඉදලා කොල්ලා පාසැල් යනවා. එම පාසැලේ විදුහල්පති තුමාටත් ස්තුතියි දුන් සහායොගයට. ලොකු උනාම doctor කෙනෙක් වෙලා පාරෙ අය්නෙ සෙරෙප්පු මහන තාත්තවයි අහිංසක අම්මාවයි ආදරයෙන් බලා ගන්න පුතෙ හරිද "