අසේකා - ජනික් මංගල උත්සවයේදී භාතිය සහ සන්තුෂ් කියූ කතාව එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දෙසතිය තුළ කලා ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වුනු පුවත වන්නේ චන්න - උපුලි දෙපළගේ දියණිය අසේකා විජේවර්ධන ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් සමඟ විවාහ වුණු පුවතයි.

කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දින දෙකක් පැවැත්වුණු මේ විවාහ මංගල්‍යයට කලාකරුවන් බොහෝදෙනෙක් සහභාගී වුණා. ඒ අතර හැමෝම ආදරේ කරන B n S හෙවත් භාතිය සහ සන්තුෂ් විශේෂයි.

ඔවුන් දෙපළ මංගල උත්සව අවස්ථාවේ මනාල යුවල වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රේමණීය ගීත රැසක් ගායනා කළා. එම ගීත ගායනා කරන්න පෙර භාතිය සහ සන්තුෂ් චන්න උපුලි රංගායතනය සහ අසේකා සමඟ ඇති මතකයෙන් බිඳක් හෙළි කළා.

ඔවුන්ගේ ප්‍රේමණීය ගීතයකට අසේකා සහ ජනික් නටන වීඩියෝ පටයක් පසුගියදා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් සමඟ පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහන...

"අපි පළමු BNS ප්‍රසංගය කරන වෙලාවේ choreography කළ චන්න අයියා ඔහුගේ අවුරුදු 6 ක දියණිය සමග reharsal වලට පැමිණියේ. මේ පුංචි අසේකා එදා පටන් බොහෝ BNS ප්‍රසංග වල backstage එකේ කට්ටිය එක්ක ඉතා ලෙන්ගතු කමින්, දුව පැනිමින් අප ඉදිරියේම සෙමෙන් සෙමෙන් අද සිටින මේ අතිදක්ෂ නර්තන ශිල්පිනිය බවට පත් වෙලා තියෙනවා. අසේකා ඔබත් ජනික්ගේත් මේ විශේෂ දවසේ විශේෂ අවස්ථාවට ගායනා කරද්දී ඒ පරණ පුංචි අසේකාගේ කතාව අපේ සිතට නිරන්තරයෙන් ආ මතකයක් වෙනවා. ඔබ දෙපලට එක සිතින්ම සුබ යුග දිවියක් පතන අප #BNS"