අවුරුදු 14ක් ලස්සන පවුල් ජීවිතයක් ගෙවනවා - හිමාලි සිරිවර්ධන පවුල ගැන කියන දේ මෙන්න
හිමාලි සිරිවර්ධන කියන්නේ දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රය තුළ දක්ෂකම් දැක්වූ රංගන ශිල්පිනියක්.
රංගනයෙන් වගේම නර්තන ශිල්පිනියක් වශයෙනුත් හිමාලි ජනප්‍රිය වෙලා ඉන්නවා. ටෙලිනාට්‍යවලට වගේම සිනමාවේත් චරිත තුළින් අපට ඇයව දැකබලාගන්න ලැබෙනවා. ටික කාලයක් කලාවෙන් ඈත් වෙලා ඉඳලා නැවතත් ඇය සුපුරුදු විදියට රඟපාන්න ඇවිල්ලා ඉන්නවා. මේ දවස්වල සංගීත ප්‍රසංග ඒ තරම් නැති නිසා නර්තනයෙන් නම් ඇයව වැඩිය පෙන්න නැහැ.
නමුත් වෙනදා තරම්ම කලාවත් එක්කම ඉන්න ඇයට කාල වෙලාවක් නැහැ කියලයි කියන්නේ. ඒකට විශේෂම හේතුව තමයි පවුල් ජීවිතේට මුල්තැන දීලා තියන එක. පුතාත් දැන් පෙරපාසල් යන නිසාත් නිවසේ අනෙකුත් වැඩ කටයුතු නිසාත් තරමක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. රංගන ශිල්පිනි හිමාලි දැන් ගෙවන ජිවිතේ ගැන අදහස් දැක්වුයේ මෙහෙමයි.
"මං වගේම සැමියාත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඉතින් මගේ වැඩ කටයුතුවලටත් එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. අපේ විවහා ජීවිතේට අවුරුදු දාහතරක් වෙනවා. මේ වසර 14 තුළ අපි දෙන්නා ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා. පවුල ඇතුළේ සාමාන්‍ය පුංචි පුංචි කතාබහ ඇති වුණාට ලොකුවට අපි දෙන්නා අතරේ තරහා මරහා ඇතිවෙලා නැහැ. පුතාත් දැන් පෙරපාසල් යන නිසා එයාගේ වැඩත් වෙනදාට වඩා වැඩියි."
"ගෙදර වැඩවලට ගොඩක් සහයෝගය ලැබෙන්නේ මගේ අක්කාගෙන්. එයාගේ නම ඉරෝෂිනි සිරිවර්ධන. මම වැඩකට එළියට ගියාම අක්කා තමයි බබාලා බලාගන්නේ. ටික කාලයක් මම කලාවට සම්බන්ධ වෙන්නෙම නැතිව හිටියා. එහෙම වුණාම ඉතින් සාමන්‍යයෙන් රසිකයින්ට අමතක වෙනවානේ. හැබැයි මට නම් එහෙම දෙයක් වුණේ නැහැ, එදා වගේම අදත් ප්‍රේක්ෂක ආදරේ ගොඩක් ලැබෙනවා."
"ඒ කාලේ වගේ නෙවෙයි වර්තමානයේ හොඳ නිර්මාණ බිහිවීමේ අඩුවක් තියනවා. මට දායක වෙන්න පුළුවන් විදියේ නිර්මාණ වැඩිය බිහිවෙන්නේ නැති නිසා ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්. ආරාධනාවක් ලැබුණත් හොඳ නැත්නම් මම ප්‍රතික්ෂේප කරනවා. අද කාලේ හැකියාවට වැඩිය වෙනත් දේවල්වලට තැන හිමිවෙලා තියනවා. මේ නිසාම තමයි අපේ කලා ක්ෂේත්‍රය නැතිවෙන තැනට වැඩ සිදුවෙලා තියෙන්නේ."