අවුරුදු උත්සවකදී මට සුපර් ස්ටාර් ශිහාන්ව මුණ ගැහුණා - නයෝමි පිරිස්
මේ සිදුවීම වෙන්නෙ මට මතක හැටියට 2011 වසරේ. අලුත් අවුරුද්දට මගෙ පවුලේ අය එක්ක අපි වැඩිහිටි නිවාසයක පැවති අවුරුදු උත්සවයකට සහභාගි වුණා. මාව ඒ ගමන එක්ක ගෙන ගියේ මගේ අම්මා. කොහොම හරි මම ඒ ගමන යන්න මුල ඉඳලම අදිමදි කළා. මොකද, ඒ වගේ තැනක ඉන්න එක ගොඩක් කම්මැලි නිසා. කිහිප වරක් යන්න බැ කියලා පස්සෙ අම්මගෙන් බේරෙන්න බැරිම තැන මම ඒ උත්සවයට සහභාගි වුණා. එතැන තමයි මගේ මතකයේ රැඳෙන අවුරුදු සිදුවීම වුණේ. පුංචි කාලේ ඉදලා මගේ සිහින තරුව වෙලා හිටියේ ශිහාන් මිහිරංග අයියා. ඇත්තටම ඔහු සිරස සුපර්ස්ටාර්ස් තරගයෙන් ඉවත් වුණ දවසේ මම ගොඩක් දුක් වුණා. එදා මම ගිය වැඩිහිටි නිවාසයේ අවුරුදු වැඩසටහනට ඔහුත් සහභාගි වුණා. ඒ විතරක් නෙමෙයි ඔහු මගෙ ප්රියතම ගීතය වුණ මිහිරාවියේ.. ගීතයත් ගායනා කළා. ඒ දවස ඉතින් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.