අරගල බිමක, අලුත් වුණු හිතවත්කම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ අරගල බිම හරි ආදරණීය එකක්. ආදරේ බෙදන තැනක්. මානව දයාව පිරුණු, හිතවත්කම් පිරුණු තැනක්. එකට එක්ව එක හඬකින් කරන අරගලයක්. මේ දවස් ටිකේම අපි දැක්කෙ අපේ හිත් සනසන ආදරණීය කලාකරුවන් මේ අරගලයත් එක්ක එකට එකතු වෙලා ඉන්න අන්දමයි. ඒ වගේ අපේ ඇහැ නතර වුණු එක තැනක් තමයි නදිනිගෙයි ශිහාන්ගෙයි අරගල බිමේ වූ ආදරණීය හමුවීම.  

"පරණ යාළුවෙක් හම්බ වුණා...." අපූරු ඡායාරූපයක් එක්ක නදිනි ඔහොම සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

“සිත ආදරේ සොයා යනවද බොරු කතා කියා සිත එක තැනක තියා ගන්නට බැහැ වගේයි ඔයා"  ඒ සටහන දැක්ක අපිට මේ අතීතයත් මතක් වුණා.