අරගල කරන්නේ රටේ ඉන්න, ගමේ ඉන්න අපේම අහිංසක මිනිස්සු එක්ක නොවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදාරි කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය චරිතයක්. ඇය මේ වෙනස්වන අරගලයේ හැඩතල ගැන සටහනක් තබා තිබුණා. පහතින් දැක්වෙන්නේ එම සටහනයි. 

මිනිස්සුනේ අරගල කරන්න එදිනෙදා රැකියාවලට යන,පාසල් ලමයින්ට,අසරණ එදිනෙදා රස්සාවලට යන අයට බාදා කරන්න එපා. ඔබ ඒ අයගේ ගමන නැවැත්වීමෙන් ඒ අය කුසගින්නේ තව තවත් අසරණ වෙනවා. අපි අපේ අරගල කරන්නේ අපේ මිනිසුන්ට විරුද්ධ නොවේ..රටේ පාලකයන්ට විරුද්ධවයි.ඒ නිසා අපි අරගල කරන සෑම විටම පාරේ අයිනෙන් හෝ සුදුසු ස්තානයක කරමු.,හඩ නගමු,ආන්ඩුවට දැනෙන්න අපේ හඩ අපි කියමු. පාරවල් වහලා කරන අරගල වලින් අපේම මිනිස්සු එක්කයි අපි තරහා වෙන්නේ..ගහබැන ගන්නේ..අමනාප වෙන්නේ. මේක දේශපානයට ගාවගන්න එපා. මේ රටේ අරගල කරන හැමොම වෙනුවෙන් මේ කියන්නේ.අරගල දියාරු කරන උත්සාහයක් නොවේ. බුද්ධියෙන් සිතන්න.. අරගල කරන්නේ රටේ පාලකයන්ට විරුද්ධව මිසක් රටේ ඉන්න ගමේ ඉන්න අපේම අහිංසක මිනිස්සු එක්ක නොවේ..