අරගලයේ කතා කරපු නිසා නාඩගම්කාරයෝ සරාගේ අක්කාට මඩ ප්‍රහාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රටපුරා පැවැත්වෙන දැවැන්ත අරගලවලට සහය දක්වමින් කලාකරුවන්ද නිරන්තරයෙන් අරගල බිමේදි දකින්න ලැබෙනවා. ඒ අතර ජනප්‍රිය නිළි කසුනි කාවින්දිද දකින්න ලැබුණා. ඒ වගේම අරගල බිමේදී කසුනි අනෙක් අරගලකරුවන්ටද ශක්තියක් වෙමින් හඬ නැගුවාද දකින්න ලැබුණා. කෙසේනමුත් අරගල බිමේදී කසුනි යූ ටියුබ් නාලිකාවකට සිදුකළ ප්‍රකාශයක් නිසා මේ වනවිට තමන්ට අපහාසාත්මක වන ආකාරයේ විවිධ පෝස්ට් සංසරණය වන බව කසුනි පවසා සිටිනවා. සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ඇය ඒ බව පවසා සිටියා.

එම සටහන පහතින්.

ජනතා අරගලයට සහය පළකරමින් Saana show youtube නාළිකාවට මා දැක්වූ අදහස් viral වීමත් සමග මේ වනවිට දූෂිත පාලකයින්ට හිෛතශී පිරිස විසින් ඔවුන්ගේ facebook පිටු හරහා සහ fake profiles හරහා මා පිළිබදව අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සහ මා දැක්වූ අදහස් මා මේ දිනවල රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණයට ඈදා posts නිර්මාණය කරමින් සිටිනවා. මා ඉතා පිරිසිදු සිතින් සහ අවංක හැගීමෙන් රට වෙනුවෙන් සහ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම කිසිවෙකුටත් මොනාකාරයේ ක්‍රියාවකින්වත් ඉදිරියටත් නවත්වාලිය නොහැකි බව මතක් කරමින්.. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මා හට එල්ලකරන ඒ සියලු මඩප්‍රහාර වෙනුවෙන් මා දැනටමත් නීතිවේදීන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් නීතිමය ක්‍රියාමාර්ග සදහා යොමු වී සිටින බව දැන්වීමට කැමතියි. ජනතා අරගලයට ජය!

-කසුනි කාවින්දි ප්‍රනාන්දු