අරගලයට ගිය රුක්ෂානාට මරණ තර්ජන කළේ කවුද ? ඇය සියල්ල හෙළි කරයි
රුක්ෂානා දිසානායක කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම ඇය, මේ දිනවල ක්‍රියාත්මක වන නිර්පාක්ෂික අරගලය තුළත් සක්‍රීය චරිතයක්.
කොහොම වුණත්, අරගලය නිසාම ඇයට බොහෝ තර්ජන, ඝර්ජනත් එල්ල වෙනවාලූ. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ ඇය මේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදු කර තිබුණා.
එම සාකච්ඡාව පහතින් බලන්න.
රුක්ෂානා.. ආරංචියක් ආවා ! දවස් කීපයකට කලින් කෝල් එකක් ආවා කියලා.. මරණ තර්ජනයක්.. ඒක හිනාවකින්ද භාර ගන්නේ?? නැත්තම්...?
මට දුක හිතුන් නෑ. කතා කරලා කිව්වෙ මම ගොඩක් ෆේස් බුක් එකේ ශෙයා කරනවා සහ එගොල්ලන්ට විරුද්ධව දේවල් කරනවා. ඉතින් ඒවා නවත්තන්න කියලා තමා කෝල් කළේ. සමහර විට සුර සැප විඳින කෙනෙක්ද දන් නෑ මට කෝල් කළේ. සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ. මම දන් නෑ දිව්‍ය ලෝකෙන් ආපු කෝල් එකක් ද කියලා. මම නම් ඒවායින් සැලෙන් නෑ. මොකද මට වටින්නෙ මගෙ රට.. එක එක්කෙනාගේ කීම්වලට නැවෙන් නෑ..
රුක්ෂානාට මේ නිසාම හුඟක් දේ අහිමි වෙන්නත් ඇති නේද ?
ගොඩක් දේ නැති උනා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මම රංගන ශිල්පිනියක්නේ. කෙනෙක් මාව ගන්නෙ මගේ හැකියාව මතනේ. නැතුව ජන්දේ දෙන කෙනා මත නෙවේනේ... රඟපාන්න නැති උනොත් මම පොඩි ළමයින්ට ටිකකට ක්ලාස් කරනවා. උපාධියක් තියෙනවා. ගුරු පත්වීමක් ගන්නවා. මම ඒ දේවල්වලට පෙරේත නෑ. මම පෙරේත රටට විතරයි..
දැන් දැන් බයක් දැනෙනවා ඇති..?
විශේෂයෙන් ම මට මගේ අනාගතේ ගැන බයක් දැනෙනවා. මේ තත්ත්වෙට එන්න අපි දුක් මහන්සි වුණා. මට බයක් තියනවා ඉදිරියට දරුවෙක් හදාගන්න. මම විවාහ වෙන්නෙ කොහොමද මේ තත්වෙත් එක්ක. අපි හැමෝටම වැඩ කරන්න පුළුවන් සීමාවක් තියනවා. ඊට වඩා වුණාම කඩන් වැටෙනවා. හැමදේම වැඩි වෙලානේ. සාමාන්‍ය මිනිස්සුන්ට පරිප්පුයි සම්බෝලයි කන්නත් අමරුයි කියන්නෙ හිතන්නකෝ. මට නම් හිතෙනවා අනේ මැරිලා යනවා නම් හොඳයි මේ වගේ රටක ඉන්නවට වඩා.