’’අයියෝ සාමි’’ Youtubeහී මිලියන 10 පසු කරයි, ඉන්දියාවේ ප්රවෘත්තිවලත් අයියෝ සාමි ගැන කියයි
යොහානිගේ "මැණිකේ" ගීතයෙන් පසුව නැවතත් මෙරට සංගීතය අන්තර් ජාතික වශයෙන් ජනප්රිය වුණේ වින්ඩි ගුණතිලක ගයන "අයියෝ සාමි" දෙමළ ගීතයයි. ප්රවීන ගායන ශිල්පී රූකාන්ත ගුනතිලකගේ දියණිය වන වින්ඩි ගුනතිලක ගයන මේ ගීතයේ සංගීත අධ්යක්ෂනය කර ඇත්තේ ඇගේ පෙම්වතා වන ජනප්රිය ගායන ශිල්පී සනුක වික්රමසිංහ විසින්.
අයියෝ සාමි ගීතය යූටියුබයේ මිලියන 10කට වැඩි පිරිසක් මේ වනවිට නරබා ඇති බව සනුක වික්රමසිංහ ඊයේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කරලා තිබුනා. මේ අතර ඉන්දියාවේ දෙමළ නාළිකාවක් වන Sun TV හී අයියෝ සාමී ගීතය පිළිබඳ පුවතක් විකාශය කරලා තියෙනවා. එම පුවතද සනුකගේ ෆේස්බුක් පළ කරලා තිබුණා.
අද සනුකගේ වික්රමසිංහගේ උපන්දිනය වීමද විශේෂත්වයක්. මේ සියලු ජයග්රහන සහ පැසසුම් සනුකගේ උපන්දිනයට ඔහු ලද තෑගි හැටියට නම් කරන්නත් පුළුවන්.