අම්මා කෙනෙක් විදිහට විශාදයට මුහුණ දුන්න කෙනෙක් මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ විදිහට ගොඩක් දෙනෙක් දැන අඳුනන රිද්මා පිලපිටිය කාලයක් නිර්මාණවලිනුත් දකින්න ලැබුණා. නමුත් විවාහයෙන් පස්සෙ නම් ඇය නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. ඇගෙත් රොෂාන්ගෙත් ආදරණීය පුතා රාහුල්. පසුගිය දවසක රිද්මා ඇය හෙළි නොකළ කතාවක් මේ විදිහට අනාවරණය කර තිබුණා.

අද මම කියනකන් කවුරුත් දන් නෑ. මගේ යූටියුබ් චැනල් එකේවත් මම කියලා නෑ. මම දරුවා හම්බෙලා ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා, හරි සතුටින් හිනාවෙලා ඉන්නවා. නමුත් මම ඇතුළින් අඬනවා කෑ ගගහා.. මගේ ෆොටෝ දකින කවුරුත් හිතන් නෑ මට ඩිප්‍රෙශන් කියලා. උපරිම මම විශාදයෙන් පෙලුණු කෙනෙක්. මම තනිවුණු අම්මා කෙනෙක්. හස්බන් එක්ක විතරයි. මට උදව්වට කවුරුත් නෑ. කොහොම ද මේ දරුවා ගොඩ නඟාගන්නෙ කියලා. දරුවා නාවන්න යද්දි කරදරයක් වෙයිද? දරුවාව හදාගන්නෙ කොහොමද ? කියලා මම බයවුණා. ඒ මොහොතේ මම, රිද්මා නෙවෙයි කියලා දැණුනා. කොහොම හරි මම ගූගල් සර්ච් කරලා බැලුවා. මම ඩොක්ටර් කෙනෙක් හම්බුණා. නමුත් මම කිරි දෙන අම්මා කෙනෙක් නිසා බේත් ගන්න කැමති වුණේ නෑ. ගොඩක් පිරිමි අය කියනවනේ, වයිෆ් බබා හම්බුණාට පස්සෙ වෙනස් කියලා. ඒකට හේතුව මේ විශාදය.