අම්මා අද වේලාසන ගෙදර යමු අපි’’ කීවම, ඒ මූණෙ තිබුණ සතුට හරියට ලොතරැයියක් ඇදුණ ගාණයි
රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර කතාබහට ලක්වුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ධරණි සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ ඇය එහි තබන සටහන් සහ ඡායාරූප නිසාවෙන්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය එලෙස තබන ලද සටහනක් දකින්න ලැබුණා. විශේෂත්වය වන්නේ මෙය අගය කළ යුතු වටිනාම කාර්යයක් වන නිසාවෙන්.
දවල්ට කන්න ගිය තැන ජනේලයෙන් වයසක අම්මා කෙනෙක්ව මට පෙනුනා. පාරෙ යන යන වාහනේ දිහා බලන් ඉන්නවා. කිසි කෙනෙක් නතර කරන්නේ නෑ. එහෙම පැය දෙකක් ගෙවුනා. ‼️
ඉතින් එයාට පොඩි නිවාඩුවක් අරන් දෙන්න මම හිතුවා .