අම්මිට බැනපු මිනිස්සු මටත් බනියි කියලයි අවුරුදු එකහමාරක් දුක් වින්ඳේ - රයිනි චාරුකා වෙනස්ම කතාවක් හෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායිකා රයිනි චාරුකා පසුගිය දිනෙක නොසිතූ විදිහේ අනාවරණයක් පුවත්පත් මාධ්‍ය හරහා සිදුකළා ඔබට මතක ඇති. ඒ ඇගේ විවාහය දෙදරා ගිය සෝචනීය ප්‍රවෘත්තිය. ඇයට ආදරය කළ පිරිස් මේ අවාසානවන්ත ප්‍රවෘත්තියත් එක්ක කම්පනයට පත් වුණු වග රහසක් නෙවෙයි. කොහොම වුණත් රයිනි කියා තිබුණේ යම් යම් හැලහැප්පීම් නිසා මේ තීරණය ගන්න සිද්ධවුණා කියලයි. මේ ඇය යූටියුබ් නාලිකාවට කියා තිබුණු කතාවක්

"මට තිබ්බ ප්‍රශ්නෙ මීඩියාවලට කියන්න බෑ. ඒ මොකද මම ගොඩක් ආදරේ කරලා තමයි මම බැන්ඳේ. එතකොට... මං අදටත් තරහා නෑ. හොඳ නම් ඇයි දාලා ගියේ කියලා අහලා තිබ්බා. අපි හැමෝම හොඳයි. ඒ වුණාට කාලයත් එක්ක පිට තේරුම් යනවා. එයාට වෙන වුවමනාවල් තියෙන්නෙ. දෙන්නෙක් එකතුවෙලානේ මැරේජ් ලයිෆ් එක ගෙනියන්නෙ..."

"ඉතින් තීරණය කළා... මොකද අපි දෙන්නම සන්තෝසෙන් හිටියේ නෑ. එක එක අයට පේෂර් දැනෙනවා වෙනස්. පස්වෙනි අවුරුද්ද වෙනකොට මම දැනගත්තා, දැන් ඩිප්‍රෙශන් වැඩී.. මම තීරණේ අරන් තමයි අම්මටයි තාත්තටයි කිව්වේ. මම බයේ හිටියේ සමාජේ මොනවා මට කියයිද කියලා. ඒ බයට තමයි මම අවුරුදු එකහමාරක් දරාගෙන හිටියේ. අම්මිට බැනපු මිනිස්සු මටත් බනියි කියලා දුක් වින්ඳේ..."