අමතක නොවන අතීත මතක ගැන කියන ජනප්රිය ගායක මංජුල පුෂ්පකුමාර
ජනප්රිය ගායන ශිල්පි මංජුල පුෂ්පකුමාර සිය ෆේස්බුක් ගිණුමට සිය පැරණි ඡායාරූපයක් එකතු කර තිබුණා. ඊට ලැබුණු එක් ප්රතිචාරයකට ඔහු අපූරු සටහනක් තබා තිබුණා. ඒ අතීත මතක රැසක් ද ආවර්ජනය කරමින්.
"මේ කමෙන්ට් එක මාව ගොඩාක් තැන් වලට අරන් ගියා. ගොඩාක් ස්තූතියි සහෝදරයා ඒ අතීතය ගැන මතක් කරාට. මේ කාලේ මම හිටියේ පොලොන්නරුවේ. සුනාමි ගහනවා කියන්නේ ගොයම් පාගන මැශින් එකකට.. ඒ දවස් වල එක දිගට උදේ ඉදන් රෑ වෙනකම්, රෑ ඉදන් එලිවෙනකම් එක දිගට යක්කු වගේ වැඩ. සුනාමි මැශින් ආවම කාලේ මම තමයි ගොයම් ඇතුලට දාන්නේ.. ඒක කරන්න ඕන විදුලි වේගෙන්.. මොකද එතන තිබ්බේ ලොකු තරගයක්.. මහ මුහුදවගේ ලොකු කුඹුරු යායකට බැස්සම දවස් දෙක තුනෙන් යායම ඉවර කරලා අපි එන්නේ... ඉතින් මේ ෆොටෝ එක ගත්තේ ඒ කාලෙමයි. ආදරෙයි ඒ අතීතයට.