අපේ මිනිස්සුන්ගේ අසරණ කම මට ඇමරිකාවේ ඉඳන් බලන් ඉන්න බැරි නිසයි ලංකාවට ආවේ
අපේ කළා ක්ෂේත්රයේ හිටපු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි ටීෂා පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් මීට වසර කිහිපයකට කලින් විදෙස් ගත වුනු ඇය දැන් නැවතත් ලංකාවට ඇවිත්. ඇය පසුගියදා පුවත්පත් සාකච්ඡාවට එකතු වෙලා පවසා තිබුනේ මෙවැන්නකි.
ටීෂා කියන කෙනාව ගොඩනැගුණේ මේ රටේ ඉන්න ආදරණීය මිනිසුන් නිසයිලු. ඒ නිසාම ඔවුන් අසරණ වෙලා ඉඳිද්දී ඇයට ඇමෙරිකාවට වෙල් ඉන්න බැරිවුණාලු. ඒ නිසා තමයිලු ශාන් සහ ඇය තීරණය කළේ මේ කාලේදී ටික කාලයකට හෝ ලංකාවට එමු කියලා. ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාර තිබෙන්නෙත් ලංකාවේලු. ඒ හැමදේම බලන්න තමයිලු ඔවුන් ලංකාවට ආවේ. ඉතින් ඒ වගේම රහසින් එන්නම් කියන්නේ ලංකාවට ඇවිත් ඇය කරපු අලුත්ම ගීතයලු. ඉතින් ලංකාවට ඇවිත් මාසයක් හිටපු එකේ අලුත් සින්දුවක් කරන්නත් ඇයට හිතුණාලු. ඒ වගේම ආයෙ ලංකාවට කවදා කොයි කාලේදී එන්න පුළුවන් වෙයිද කියලා ඇය දන්නේ නැහැලු. ඒ නිසා මේ අලුත් ගීතය විශේෂයි කියලයි ඇය කියන්නේ.