අපේ පවුලම අගෝස්තුවේදී පිටරට යන්න හිතාගෙන ඉන්නවා
මේ දිනවල කලා නිර්මාණ කිහිපයකින්ම ඔබ දකින රධිකා තිළිණි ගුණවර්ධනය වර්තමානයේ බොහෝ දෙනෙකු ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණියකි. ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස කලා ක්ෂේත්රයට පිවිසි ඇය ජාත්‍යන්තර රූපරාජිණි තරග රැසක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූවාය. කාලයක් විදෙස්ගතව සිටි රාධිකා ලෝකයේ බොහෝ රටවලද මේ වනවිට සංචාරය කර තිබේ. මේ නිසාම අප මෙවර ඒ ගැන ඇයගෙන් මෙසේ විමසුවා.
දැනට රධිකා සංචාරය කරපු රටවල් මොනවද?
රටවල් නම් ගොඩකට මම දැනට ගිහිල්ලා තියෙනවා. මම කාලයක් ඉන්දියාවේ බැංග්ලෝර්වල හිටියා. මොකද, මම රැකියාව කළේ බැංග්ලෝර්වල හින්දා. ඊට අමතරව සිංගප්පුරුව, මැලේසියා, ඔස්ට්රේලියාවලත් මම රැකියාව කළා මගේ හස්බන්ඩ් එක්ක. ඒ එක්කම ප්‍රංශය, චීනයට ගියා රාජරාජිණි තරග කිහිපයක් වෙනුවෙන්. ඊට අමතරව නෙදර්ලන්තය, තායිලන්තය, වියට්නාමය, චිනය හා පිලිපිනය කියන රටවලත් දැනට මම සංචාරය කරලා තියෙනවා.
ගියපු රටවල් අතරින් රධිකාගේ සිත්ගත් රට මොකක්ද?
ප්‍රංශය. මම ආසම රට. කවදා හරි මම පදිංචියට යනවා නම් තෝරගන්නේ ප්‍රංශය. ඒ තරමට මගේ හිත ගියා ඒ රටට. මගේ හස්බන්ට් කැමතිත් ඒ රටට. ප්‍රංශයට අපි දෙන්නා කිහිප සැරයක් ගියා. ඊට අමතරව මම චීනයට කැමතියි. මිසිස් වර්ල්ඩ් ගෝල්ඩ් මෙඩල් එකට චිනයට ගියා මම. 2013 වසරේදී. තරගයේ අවසන් තරගය තිබ්බේ ගුවන්ජෝ වල. ආයෙත් පාරක් මම මැලේසියා ගියා විවාහක ආසියානු රූ රැජිණ තරගයට. මාත් එක්ක හස්බන්ඩ් ගියා. මම ඒ තරගයේ පැජන්ට් දෙකක් දින්නා. චිනය වගේම මැලේසියාව කියන්නෙත් ගොඩක් සුන්දර රටක්.
ප්‍රංශයේ නරඹපු තැන එහෙම මතකද?
ඩයනා කුමරිය අනතුරට ලක්වුණ තැන. අයිපල් කුළුණ. ඊට අමතරව ප්‍රංශයේ පෞරාණික දේවල් ගොඩක් තියෙනවා බලන්න. මිනිස්සු වුණත් ගොඩක් හොඳයි සුහදශිලියි. අනික කැම බිම ඇඳුම් පැළඳුම් එහෙම ගොඩක් සාධාරණ මුදලට අලෙවි වෙන්නේ.
සාප්පු සවාරියේ යන්න හොඳ රටවල් මොනවද?
මම ගොඩක් වෙලාවට ප්‍රංශය හා තායිලන්තය තෝරගන්නවා. මම ඒ රටවල්ට ගිය හැම වතාවකදීම ගොඩක් බඩු ගත්තා. විශේෂයෙන්ම ඇදුම් පැළඳුම්, සුවඳ විලවුන්, මේකඅප් බඩු ගොඩක් ලාබයි. ප්‍රංශයේ නම් ගොඩක් වෙලාවට පායන කාලේට ශිත ඇඳුම් ඉතාම අඩු මුදලට විකුණනවා. ඒ වගේම ශිත කාලයට පායන කාලේට අඳින ඇඳුම් අඩුවට දෙනවා. අනික හොඳම තත්ත්වයේ ඇඳුම් තමයි එහේ විකුණන්නේ. ඇත්තටම ලංකාවේ විකුණන ඇඳුම්වලට වඩා අඩුවට ප්‍රංශයේදී ගන්න පුළුවන්.
රටවල්වල සංචාර කරද්දි වුණ අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවාද?
ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම එකක්ම තියෙන්නේ බඩුගන්න ගිහින්. අපිට පිටරටකින් ගේන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා නේ. ඇදුම් ගන්න ගියාම ඉතින් ප්‍රමාණයක් නැහැ මගේ. හැම වෙලාවේම අපිට ගේනන් පුළුවන් බර ප්‍රමාණයට වැඩියෙන් තමයි මම අරගෙන එන්නේ. එක පාරක් කරලා ආයේ ඒක කරන්නේ නැහැ ගේන්න පුළුවන් ගාණට බඩුගන්නවා කියලා හිත හදාගන්නවා. ඒත්, ආයෙත් කොහේ හරි පිටරටකට ගියාම කල්පනාවක් නැතුව ආයෙත් හිතේ හැටියට බඩුගන්නවා. ඕවා තමයි අමතක නොවන සිදුවිම් තියෙන්නේ.
ළඟදි පිටරටක සංචාරය කරන්න අදහසක් නැද්ද?
තියෙනවා අගෝස්තු වගේ යන්න හිතාගෙන ඉන්නවා. හැබැයි තාම කොයි රටට යනවාද කියලා සැළසුමක් නැහැ. මගේ පොඩි දුවට දැන් වයස අවුරුදු හයක් වෙනවා. ලොකු දුවට දොළහයි. පුතාට දහහතරක්. ඒ හින්දා පවුලේ හැමෝම එක්ක යන්න තමයි මේ පාර හිතාගෙන ඉන්නේ.
බුද්ධික සේනාධීර / ඡායාරූප - සුපුන් උදයංග