අපි කොහොම හිටියත් මිනිස්සු කියන කතා හෝ, හිතන විදියේ වෙනසක් වෙන්නෙ නෑ
ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර සිය මුහුණු පොතේ අපූරු සටහනක් හුවමාරු කරගෙන තිබුණා. ඒ සාමාන්‍යයෙන් අපිට එදිනදා උගන්වන දේවල් සහ අපිට උගන්වන්නේ නැති දේවල් ගැන. එහෙමත් නැත්නම් සමාජයෙන් අපි ඉගෙනගත යුතු දේවල් ගැන.
අපිට උගන්වපු බොරු
_____________________
1.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත්ය..
ඒත් ඉගැන්නුවෙ නෑ :- මෝඩයොත් වයසට යන බව
2.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න,වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත්ය.
අපිට ඉගැන්නුවෙ නෑ :- මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න
3.අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න.
අපිට ඉගැන්නුවෙ නෑ :- වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න. අපෙ මතය ඉදිරිපත් කරන්න ,කොන්ද කෙලින් තියාගන්න
4.අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න,උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න ,
අපිට ඉගැන්නුවෙ නෑ :- කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න
5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත් ,
අපි ඉගැන්නුවෙ නෑ :-ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව.
6.අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න
අපිට ඉගැන්නුවෙ නෑ :- අපි කොහොම හිටියත් මිනිස්සූ කිය කතා හෝ හිතන විදියේ වෙනසක් නොවන බවත්.
7.අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න.
අපිට ඉගැන්නුවෙ නෑ :- තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න.
8.අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ,දෙන දෙයක් භාර ගන්න
අපිට ඉගැන්නුවෙ නෑ :- තව තව දේවල් ලබා ගන්න,නොලැබෙන දේට සටන් කරන්න .
9.අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්.
අපිට ඉගැන්නුවෙ නෑ :- අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය කර්මය ඉරණම වෙනස්කරගත හැකි බව.
10.අපිට ඉගැන්නුවෙ හැමදාම හැමදේකටම හේතු කියන්න,බෝලේ පාස් කරන්න.
අපිට ඉගැන්නුවෙ නෑ :-අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.
11.අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්.
අපට ඉගැන්නුවෙ නෑ :- නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.
12.අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රීලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත්.
අපිට ඉගැන්නුවෙ නෑ :-ලෝකෙන් උතුම් රටවල් තව සියගණනින් ඇති බවත් යක්ක පුතාලා දුවලා ඒවගෙ යන්න වලිකන බවත්,ලංකාව කවදාවත් දියුණු නොවන බවත්.
13.අපිට කිව්වේ සහභාගිත්වය තමයි වැදගත්, දිනුම නෙමෙයි කියලා
අපට ඉගැන්නුවේ නෑ :-.තරගයක දිනුම යනු ලෝකය සතුටු කරන හෝ ලෝකය ඉල්ලන දෙම කිරිම නොව තමන්ගේ හදවතට සතුටක් සැහැල්ලුවක් දැනේන දෙයක් කිරිම බවත්..
*උපුටා ගැනීමක්