අපි අරගල කරන්නේ විහිලුවට නෙමෙයි - සුජානි මේනකාගෙන් සැර කතාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෝල්ෆේස් පිටියේ සහ රටේ විවිධ තැන්වල දිගින් දිගටම වත්මන් පාලනයට එරෙහිව අරගල පැවැත්වෙනවා. එම අරගලවලට කලාකරුවන්ද විශාල ප්‍රමාණයක් නොනිදා එකතු වී තිබෙනවා. රංගන ශිල්පිනී සුජානි මේනකාද පසුගිය දිනවල ගෝල්ෆේස් අරගල භූමියේ දක්නට ලැබුණා. මේ අරගලය බොහෝ දෙනෙකු තවමත් සැහැල්ලුවට ගෙන තිබෙනවා. එමෙන්ම අරගලය උපහාසයටද ලක් කරන පිරිසක්ද සිටිනවා. කෙසේවෙතත් ඔවුන්ට සහ තවමත් රටේ ජනතාව විඳින පීඩාව නොතේරෙන මිනිසුන්ටත් පාලකයන්ටත් දැනෙන ආකාරයේ සටහනක් සුජානි මේනකා සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලාත් තිබුණා.  

එම සටහන පහතින්..

“ආදරණීයනී.

මම දැන් අවුරුදු 42 ක් ජීවත් වෙච්ච ගැහැනියක්. මම මේ කාලේ තුලම ජීවත් වුනේ මගේ ආදරණීය රටේ ආදරණීය මිනිසුන් එක්ක. එදත් අදත් ආදරණීය මිනිස්සු හැර මාත් එක්ක තරහවකින් මිනිසුන් ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නෑ. මොකද මම හැම මනුස්සයටම ආදරේ කරන නිසා සමහරවිට මට ඒවා පේන්නේ නෑ.මට ඔබ වෙනුවෙන් මේ මොහොතේ වගකීමෙන් කියන්න ඕන කාරනාවක් තියෙනවා.          

ආදරණීයනී..... මම මගේ අම්මාට කොච්චර ආදරෙයිද ඒ හා සමානවම මම මේ රටට ආදරෙයි. මේ මිනිස්සුන්ට ආදරෙයි. ඇයි සමහරුන් තාමත් මේ ව්‍යසනය තේරිලත් නොතේරුනා වගේ ඉන්නේ. අපි මේ රට වෙනුවෙන් පාරට බැස්සේ, කතා කරන්නේ අරගල කරන්නේ විහිලුවට නෙමෙයි . හැම මොහොතේම මේ post share කරන්නේ, මේවා දැකලා එක තප්පරයකදි කෙනෙක්ට ඇත්ත තේරුම් යන්න පුළුවන්. ඒකෙන් තමන් හිටගන්න ඕන හරි පැත්ත තේරුම් යන්න පුළුවන්. මේ කාලකන්නි දේශපාලුවන් ටික ටික අපිව මරනවා.. අපේ ලක් මව විනාස කරනවා. ඇයි තාමත් අම්මේ, තාත්තේ, සහෝදර සහෝදරයිනි, මිත්‍රවරුනී ඔයාලට තේරෙන්නැත්තේ? මේක අපිට නොතේරුනාට භයානක තත්ත්වයක්. අදවෙනකොට ඔබේ කාටවත් හිංසාවක් නොවී තියෙන්න පුළුවන් . ඒත් ඒ එල්ල වෙන හැම පහරක්ම එල්ල වෙන්නේ අපි හැමෝටම. අපි කාටද කියන්න පුළුවන් හෙට මුළු රටටම ඒක නොවී තියෙයි කියලා. මේ යන විදිහට අපිට හෙටක් නෑ මිත්‍රවරුනි. අපේ පුංචි පැටව් පවි. උන් බලන් ඉන්නවා අපිව විශ්වාස කරලා අපේ දිහා...        

අපි එකතුවෙලා මේ ක්‍රමේ වෙනස් කරමු. මම මේක එදත් කිව්වා. අපි හැමෝම එකතු වෙලා රට විනාස කරන මේ අසූචි ගොඩවල් ටික flush කරලා දාමු... මේ ගඳ ගහන අසූචි ගොඩවල් අනාගතේ අපේ දරුවනුත් දකින්න ඕනේද මිත්‍රවරුනේ... තවමත් රට වට්ටලා තියෙන  මේ අනතුර නොතේරෙන මගේ ආදරණීය රට වැසියන්ගෙන් ඉල්ලන්නේ මේක කොයි මොහොතකවත් විහිලුවකට ගන්න එපා. ඔබේ සහෝදරවරුන් කරන මේ අරගලය අවතක්සේරුකරන්න එපා. තව දුරටත් මේ රට වැසියන් බහුතරයක් කරන අරගලය කුනුහරුපයක් නෙමෙයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සටනක් මේක. ඔබේ එක මෝඩ කමක් නිසා, ඔබේ එක නොමේරු ක්‍රියාවක් නිසා ජීවිත කීයක් බිලිවෙන්න පුළුවන් ද? දැනටමත් එය වෙමින් පවතින්නේ.           

එන්න අපි එකතුවෙමු.... ලක් මෑණියන්ට, ලක් වැසියන් වන අපට වෙච්ච අසාධාරණයට අපි මේ අසූචි ගොඩවල් ටික සුද්ද කරලා දාමු.......”