අඳුරගන්න පුළුවන්ද බලන්න. ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, එදා සහ අද
සචිනි අයේන්ද්‍රා. දැන් දැන් තිරයෙන් නිතර දකින්න නොලැබුණත් සචිනි අයේන්ද්‍රා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස දිනාගෙන ඇති ආදරය තවමත් අඩුවෙලා නම් නෑ. ඊයේ දිනය ඈට විශේෂයි. ඒ ඇයගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබීම නිසාවෙන්. කලා තරු සමරන විශේෂ දවස් ගැන ආදරණීය සටහන් තබන දයාන් විතාරණයන් ඇය වෙනුවෙන් ද ආදරණීය සටහනක් තබා තිබුණා. එමෙන්ම ඇයගේ නව ,පැරණි සේයා රූ එකතුවක් ද මේ විදියට අමුණා තිබුණා. සචිනි අයේන්ද්‍රාට අයස්කාන්තයක් සේ සචිත්ය වූ ප්‍රේමයෙන් දුලන උපන්දිනක්.
ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නිළියක් වන සචිනි අයේන්ද්‍රා ඊයේ දින සිය උපන්දිනය සමරන්නීය.
"ආදරණීය වස්සානේ" චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසුණු සචිනි වඩාත් අවධානයට පාත්‍ර වූයේ "සංකාරා" චිත්‍රපටයේ කළ චරිතයෙනි. "හාර්ට් FM", "සිරි පැරකුම්", "අඟර දඟර", "නිම්නයක හුදකලාව" ආදී චිත්‍රපට කිහිපයකම රංගනය කළ ඇය ටෙලිනාට්‍ය රැසකින් ද ජනාදරයට පත්වූවාය. බටහිර විලාසිතාවන්ට බොහෝ සේ ප්‍රියකරන ඇය මුල්වරට ඔසරියකින් හැඩවූයේ මවිසින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට පෙනී සිටීම සඳහා ය.
"ප්‍රසන්න" බතික් ආයතනය සඳහා අමිල අබේසේකර සමගින් සචිනි මගේ ඡායාරූපවලට පෙනීසිටි අතර ඇය එම ඡායාරූප සඳහා මහත් ප්‍රියතාවක් දක්වන්නීය. මා ඇගේ නව ඡායාරූප පෙළක් ඉකුත් වසරේ පැවැත්වුණු අසේකා - ජනික් විවාහයේ දී ගත් අතර එම ඡායාරූප මේ සමග ගෙන එමි. විශේෂයෙන්ම ඇය ඒ වන විට සුවිසෙස් වියක පසුවීම ද වැදගත් ය.
නර්තනයට හා ගායනයට ද දස්කම් දක්වන ඇය හට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් චිරාත් කාලයක් කලා ලොව තුළ විරාජමාන වන්නට හැකි උපන්දිනක් පතමි !!!