අධිකරණ නියෝගය ගැන ටනාෂා හතරසිංහ සහ ඇගේ මව කියන කතාව
ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ටනාෂා හතරසිංහට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ පෙරේදා (පෙබ. 15) නියෝග කළ පුවත මේ වනවිට සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතිනවා.
තමා සහ එම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පළ වන පුවත් සාවද්‍ය බවට ප්‍රකාශයක් ටනාෂා හතරසිංහ මේවන විට ඇගේ සමාජ මාධ්‍යවල පළ කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ ටනාෂා ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ එම ප්‍රකාශයයි.
"මං ඒත් බැලුවා එක පාර followers ලා වැඩි වෙලා msgs එන්නේ ඇයි කියලා.
දැන් මට මිලියන 5ක් ගෙවන්න වෙයිද? මාසේට 30000ත් එක්ක ... පත්තරේන් වෙන්නැති නඩු තීන්දු දෙන්නේ. දෙයියනේ මේ රටේ වගකීමක් තියන මාද්යනේ මේ හොයන්නේ බලන්නේ නැතුව මෙහෙම බොරු දාන්නේ. නඩුව ඇත්ත ඒත් මේ තීන්දුව සහ ආදරයෙන් කරුණාවෙන් කුඩා කල සිට බලගත්ත ආච්චි කතාව"
මේ අතරවාරයේ ටනාෂාගේ මව වන ආශා තුෂාරි ද ඇගේ සමාජ මාධ්‍යවල මේ පිළිබඳව සටහනක් පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඇගේ මව කළ එම ප්‍රකාශයයි...
"ඇයි මෙහෙම බොරු නිවුස් දාන්නෙ .
මිත්තනිය සැපසේ කොල්ලුපිටියෙ ගෙදරටම වෙලා ඉන්නවා අවුරුදු ගානක් සිට.
කොල්ලු පිටියෙ මිනිස්සු දන්නවා අපි කොහෙද පදිංචි ඔය කියන මිත්තනිය කොහෙද පදිංචිය කියලා ( මගෙ ආදරණිය නැන්දම්මා සහ නෑනා)
මගෙත් එක්ක තියන තරහට මගෙන් පලිගන්න බැරි නිසා මගෙ දරුවන්ට අපහස කරනවා
ඊරිසියාව.
ඔය ටනාශාගෙ තාත්තගෙ අම්මායි තාත්තගෙම අක්කාගෙයි වැඩ තමයි. ???? මිලියන ගනන් නඩු තීණ්දු කතා තනිකරම බොරුනෙ .
අපි මෙවාට විරුද්දව අපහස නඩු දානවා මේ වගෙ තව අය අපහසුතාවයට පත්කරනවට.
බොරුව සමාජගත කරලා."