අද හැකියාව තියෙන කෙනාට ඕනෑම ක්ෂේත්‍රයක තැනක් නැහැ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ කලා නිර්මාණ ඔස්සේ දුටු මල්ෂා සෙව්වන්දි බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක් විදිහටය. මේ වනවිට ටෙලි නාට්‍යය රැසක් සඳහා රංගනයෙන් දායක වී මල්ෂා මේ වනවිට රූපලාවන්‍ය ශිල්පිණියක් ලෙස කටයුතු කරමින් සිටියි.

කලා ක්ෂේත්‍රයට පිවිසුණ විදිහ මතකද?

මගේ මතකය හැටියට මම කලා ක්ෂේත්‍රයට ආවේ 2002 වසරේ. 'රම්‍ය සුරම' ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා. එතැනින් පස්සේ රංගන ශිල්පිනියක් විදිහට මම දිගටම වැඩ කරන්න පටන් ගත්තා.

ඔබ රංගන ශිල්පිනියක් පමණද?

නැහැ. මම නිරූපණ කටයුතුවලත් කාලයක් නිරත වුණා. ගොඩක්ම කළේ හැබැයි පොටෝ ෂුට්. දැන් නම් රඟපානවටත් වඩා මගේම කියලා රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන යන එක තමයි කරන්නේ.

කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මම දකින විදිහට වරදක් නැහැ. හොඳින් වැඩ කළොත් හොඳ නමක් හදාගන්න පුළුවන්. මම දකින විදිහට නම් කලා ක්ෂේත්‍රය කියන්නේ ගොඩක් හොඳ තැනක්.

දායක වුණ ටෙලි නාට්‍යය මතකද?

සදපිණි වැස්ස, ආටක නාටක, මං නැතිදා, 33 කාමරේ, රාජ යෝගය, සිදූ, සල් සපුනා, තව දුරයි ජීවිතේ.

ටෙලි නිර්මාණවලට අමතරව?

ගීත රූප රචනාවකට දායක වුණා. රූපවාහිනි වෙළෙඳ දැන්වීම් දෙකකට දායක වුණා ඒ වගේම චිත්‍රපට කිහිපයක් සඳහාත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

රංගන ශිල්පිනියකට අද තියෙන පිළීගැනීම කොහොමද?

මම දකින එකම දේ තමයි අද හැකියාවට තැනක් නෑ. කලා ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි ඕනැම ක්ෂේත්‍රයක. ගොඩක් වෙලාවට හැකියාවක් නැති වුණත් ලස්සන කෙනෙකුට මේ ක්ෂේත්‍රයවල හැම වෙලාවේම තැනක් තියෙනවා.

රඟපාන එක වෘත්තියද?

මගේ පොඩි කාලේ ඉදල තිබුණ හීනයක් තමයි රංගන ශිල්පිණියක් වෙන එක. මට නර්තන හැකියාව තමයි ගොඩක්ම  තිබුණේ. ඒත් මගේ කැමැත්ත තිබුණෙ රංගනය පැත්තට සම්බන්ධ වෙන්න. නමුත්, අද වෙන කොට මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

ඒ කියන්නේ දැන් කලාවෙන් ඈත්වෙලාද?

නැහැ. බබා ලැබුණාට පස්සේ රංගනයෙන් ටිකක් ඈත් වුණා. නමුත්, දැන් ආයෙත් රඟපාන්න ආසයි. කොටින්ම කියනවා නම් දිගටම කලා ක්ෂේත්‍ර තුළ නිරත වෙලා වැඩ කරන්න තමයි මගේ දැන් අදහස.

මතක් කරන්න අය ඉන්නවද?

ගීතා ලියනආරච්චි මගේ අම්මගේ පුංචි අම්මා එයා තමයි මාව ගොඩක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න උදව් කළේ. ඇයව තමයි මට මතක් කරන්න ඉන්නේ එකම කෙනා.

බුද්ධික සේනාධීර