අදත් හෙටත් ඉදිරියටත් අප ඒ වෙනුවෙන් බැඳි සිටිනවා - සරසි පීරිස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය 09 වැනිදා අරගලයේ ස්වභාවය වාර්තා කිරීමට අරගල භූමියට ගිය සිරස මාධ්‍ය නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස ආරක්ෂක අංශවල ප්‍රහාරයකට ලක්වෙනවා. ඒ අවස්ථාවේදී මෙය රට තුළ ඉතා උණුසුම් තත්ත්වයක් ගනු ලබනවා. එම ප්‍රහාරයට හසුවුණු විසි තුන් හැවිරිදි මාධ්‍යවේදිනී සරසි පීරිස් පිළිබඳවද සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වනවා. සරසි පීරිස් ඇතුළු මාධ්‍යවේදීන් පිරිස රෝහල්ගත කර තිබෙනවා. ඉන් සතියක් ගතවන තැන සරසි පීරිස් සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස සටහනක් තබා තිබුණා. 

අදට සතියක්.

මේ මොහොත වන විටත් මගේ හිසෙහි මැහුම් ඉවත් කර නොමැති අතර අනෙක් සියලු දෙනාත් තවමත් ප්‍රතිකාර සඳහා විටින් විට යොමු වෙමින් සිටිනවා. ප්‍රවෘත්ති වාර්තාකරුවන් ලෙස අපගේ වගකීම ඔබවෙත නිවැරදි වූත් සත්‍ය වූත් තොරතුරු ගෙන ඒමයි.. 

නිවුස් ෆස්ට් අප කාණ්ඩම 9 වැනි දා දවස පුරාවට එය ඉටු කරමින් සිටියා. අදත් හෙටත් ඉදිරියටත් අප ඒ වෙනුවෙන් බැඳි සිටිනවා

9 වැනි දා රාත්‍රී සිදු වූ සිදුවීම මා මතක් කිරීමට අකමැති වුවත්, දවස පුරාවට වාර්තාකරණයේදී මට සහය වූ ආරක්ෂක අංශ වලට සහ අනෙකුත් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි !

මේ සටහන මම තබන්නේ ඔබගේ අසීමිත ආදරයට ස්තූති කරන්න. පෞද්ගලිකව මේ සියල්ලට ස්තූතියි කිරිමට නොහැකි නිසයි මම මේ සටහන තබන්නේ. Comment එකකින් හරි සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මා ඇතුලු මගේ කණ්ඩායම දැන් සුවය ලබමින් සිටිනවා.