අදටත් සමහර තැන් දකිද්දි දැනෙන්නෙ වෛරයක්, මෘගයෝ ටිකක් විනාශ කළා
රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චන්දිමාල් ජයසිංහ, පසුගිය දවස්වල වැඩිපුරම කතාබහට ලක්වුණේ, පුෂ්පිකා ද සිල්වාට හිමි 'මිස් ශ්‍රී ලංකා' සන්නාමය ඔහු විසින් ඉවත් කිරීමත් සමඟ යි. තමන්ට 'මිස් වර්ල්ඩ්' කිරුළ අහිමි කළේ, චන්දිමාල් සහ රෝසි සේනානායක බවටයි, පුෂ්පිකා ද සිල්වා චෝදනා කළේ.
නමුත් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ චන්දිමාල්, පුෂ්පිකා ගැන බොහෝ තොරතුරු අනාවරණය කරන්නට පටන් ගත්තා.
කොහොම වුණත්, පසුගිය දවසක ඡායාරූපයක් මුහුණු පොතට එක් කරමින්, චන්දිමාල් පැරණි මතක ආවර්ජනයක යෙදුණා.
මේ තියෙන්නෙ ඔහු තැබූ සටහන.
"අදටත් සමහර තැන් දකිද්දි දැනෙන්නෙ වෛරයක්, එ වගේම ආදරයක්. එ හැම තැනකම මැවිල පේන්නෙ මෘගයො ටිකක් විනාස කරපු එක කතාවක්.
එදා උන් වලදාපු එක දෙයක් තවම හුස්ම ගන්නවා.හැබැයි උන් දන්නෙ නැතුව ඇති.
මොකද ඒ උන් විනාස කරපු එක දෙයක් ආයිත් ලැබෙනකන්......!
Mrs Sri Lanka World"