අතීත සොඳුරු මතක ගැන කියන මාධවී
ඇන්තනී පවුල කියන්නෙ මෙරට කලාව තුළ නිතරම කතාබහට ලක්වන, කවුරුත් ආදරේ කරන කලා පවුලක්. රංගනය, ගායනය, නර්තනය, නිවේදනය යන සෑම ක්ෂේත්රයක් තුළම ඔවුන්ගේ නියෝජනයන් දැකිය හැකියි. පහුගිය දවස්වල මේ පවුල ගැන වැඩියෙන් කතාබහට ලක්වුණා. ඒ ප්රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාගේ හදිසි අනතුරත් එක්ක. මේ කතාවටත් ඔහු සම්බන්ධයි. හැබැයි මාධවී තමයි අපේ කතා නායිකාව. ඇය සිය අතීත මතක ගැන කියමින් අපූරු සටහනක් මුහුණුපොතට එකතු කරලා තිබුණා. බලන්නකො මොකක්ද ඇය මේ කියන කතාව කියලා.
"ජපන් රටේ සුශි සහ සශිමි කියන්නෙ මම ආසම කෑමක් ? අප්පච්චි තමයි මට ඒක හඳුන්වලා දුන්නෙ. ඒක එයාගෙත් ප්රියතම කෑමක්. "අද අපි අමු මාලු කමු" කියලයි එක්කන් ගියෙ පොඩි කාලෙ දවසක. එහෙම ඇහෙද්දි පිරියක් නැති වුනාට නිසි ප්රමිතියට හදපු සුශි සහ සශිමි වල රසට සම කරන්න පුළුවන් වෙනත් කෑමක් නෑ මට නම්. ඉඳලා හිටලා වෙනසකට ඒක මරු! "