අඩ සියවසක් රූපණ කිරුළ හිස මත දැරූ සිනමාවේ සදා නොවෙනස් නිළි රැජිණ මාලිනී ෆොන්සේකා
මෙරට සිනමාවේ සහ කලාවෙන් බිහි වුණු නිළියන් ඕනෑ තරම් සිටිනවා. නමුත් අපට නිළි රැජිණියන් සිටින්නේ එක් අයෙක් පමණයි. ඒ කිරුළ දශක ගණනාවක් නොවෙනස්ව ඇගෙන් ගිලිහී නොගොස් තියෙනවා. ඇයව නිළි රැජිණ නමින් හඳුන්වා දුන්නත් ඇගේ නමින් හඳුන්වාදුන්නත් කාටත් සිහිපත් වන්නේ එකම රූපස්වභාවකි. පෞරුෂයකි. ඇය නමින් රංගවේදිනී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකායි.
1968 පුංචි බබා සිනමා පටයේ මාලාගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිසි ඇය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මාන දිනාගත් එදා සිට අද දක්වා නොවෙනස් ජනාදරයක් හිමි කරගත් එකම රංගන ශිල්පිනියයි.
ඇගේ මෑතකදී ගත් සුන්දර ඡායාරූප පෙලක් ඡායාරූප ශිල්පී දයාන් විතාරණ අපූරු සටහනක්ද සමඟින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපයි.
"ආසියාවේ ආශ්චර්යය ඇය ද
භාරත සිනමාවේ වුවද කාලයෙන් කාලයට රැජිනියගේ කිරුළ සලිත වෙමින් තාරකාවන් අතර හුවමාරු වන බවත්, රසිකයන් විවිධ මත ගෙන එන බවත් දක්නට ලැබේ. එහෙත් අඩ සියවසයක් ඉක්මවා ගියත් මෙරට රූපණයේ කිරුළ තවමත් ඇගේ හිස මත ය. එය අනාගතයේ හෝ වෙනසක් නොවේවි යැයි සිතෙන බව ද සත්‍යයකි. අඩ සියවසකටත් වැඩි කලක් සිනමාවේම රැඳුණත් තවමත් නොවියපත් ඇගේ රූ ශෝභාව මේ ඡායාරූප ඔස්සේ ද ඔබට දැකගත හැකිය. එහෙයින්, ආසියාවේ ආශ්චර්යය ඇය යැයි සිතීම වැරදි නැති යැයි සිතමි.
නිළි රැජිනියනි, ඔබට චිරං ජයතු .... !!!"