අන්නාසි වත්තක් මැද රාත්‍රියක් ගත කිරීමට සිතුනොත් ඔබට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් තැනක් ගැනයි අද කියන්න යන්නේ. 'The Pineapple Villa' පිහිටා තිබෙන්නේ ගම්පහ වතුරුගම ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක් තුළයි. ඒ වගේම මෙය පිහිටා තිබෙන්නේ අන්නාසි වතු යායක් ආසන්නයේයි. මෙහි නිවාඩුවක් ගත කරන්නට එන සංචාරකයින් මෙහි තිබෙන නිස්කලංක බවට ඉතාමත් කැමති බව තමයි මෙහි කලමනාකරු අර්නස්ට් මහතා පවසන්නේ.
ඉතා පැරණි බංගලාවක අසිරි පෙන්වන මෙම නිකේතනය කාමර තුනකින් සමන්විතයි. සෑම කාමරයක්ම වායු සමීකරණය කර තිබෙනවා. ඒ වගේම සෑම කාමරයක් තුළම සෝෆාවක්, කුඩා ශීතකරණ යන්ත්‍රයක්, රූපවාහිනි යන්ත්‍රයක්, තේ සාදාගැනීමට උපකරණ කට්ටලයක් ද තිබෙනවා. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන් සඳහා වයිෆයි තාක්ෂණයද ලබා දීමට මෙහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
නිරන්තරයෙන්ම ගස්වැල් වලින් සෙවණ වූ පිහිනුම් තටාකය මෙම නිකේතනයේ තිබෙන සුන්දරත්වය තවත් වැඩි කරනවා. සෑම විටම ඇති නිස්කලංක බව සහ කුරුල්ලන්ගේ හඬට මෙහි පැමිණෙන සංචාරකයින් වශී වන බව නම් නොඅනුමානයි.
එළිමහනේ සහ නිකේතනය තුළ ම ආහාර ගැනීමට හැකි වන අයුරින් මෙම නිකේතනය සකස් කර තිබෙනවා. එළිමහනේ ආහාර ගැනීමට ඇති ස්ථානයේ පැරණි කුස්සියක ගෘහ උපකරණ සහිත දර්ශනයකින් අලංකාර කර තිබෙනවා. ඒ වගේම සවසට කොෆී වැනි දෙයක් පානය කිරීමට සහ සඟරාවන්, පත්තර බැලීමට කුඩා කාමරයක්ද මෙම නිකේතනය තුළ තිබෙනවා.
ඉතා සහනදායී මුදලකට දේශීය ආහාර වේල් සමග දිනක් ගත කිරීමට ඔබට හැකියාව තිබෙනවා. මුදල් ගෙවීමේදී කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාවද The Pineapple Villaහි තිබෙනවා. කාර්යබහුල ඔබට කාර්යබහුලත්වයෙන් මිදී තම පවුලේ හිතවතුන් සමග හෝ, තම පෙම්වතිය / පෙම්වතා සමග මතකයේ රැඳෙන නිවාඩුවක් ගත කිරීමට The Pineapple Villa මනාවට ගැලපෙන බව කියන්න පුළුවන්.
දුරකතන අංකය - 0112821516

