ACHILLEION
Seven Star Luxury In Sri Lanka
මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවලට වඩා මේ යුගයේ මිනිසුන්ගේ ජීවිත ජීවත් කරවන්නේ ඔවුන්ගේ මනසේ මැවෙන ෆැන්ටසියයි. නොඑසේනම් ඔවුන් දකින සිහිනයයි. ඔවුන් සතු සිහින ලෝකය හෙවත් මිනිස් මූලික අවශ්‍යතාවලින් එහාට ගිය ආශාව (Lust) මින් ඉදිරියට මිනිසුන්ගේ අවශ්‍යතාවල හැඩරුව තීරණය කරයි.
Achilleionමෙරට ගෘහ නිර්මාණ ශිල්පය නොහොත් නිවාස අවශ්‍යතා යන්න අවශ්‍යතාවකින් ඔබ්බට ගිය ෆැන්ටසිමය ආශාවක් බවට පත්කළ කදිම නිදසුනයි. නමුත් එය ඊනියා ප්රගතිශීලී න්‍යායකින් කාටත් අත්විඳිය හැකි අරුමැසියක් නොව පැහැදිලිවම ක්‍රය ශක්තිය හෙවත් මුදල් හදල් යහමින් ඇති එක්තරා සමාජ පද්ධතියකට හඳුන්වා දුන් සිහිනමය චමත්කාරයකි. තවත් සරලව කිවහොත් මේ වනවිට ලංකාවේ දැනට නිර්මාණය වන මහල් නිවාස හෙවත් Apartment සංස්කෘතිය වෙනස් කළ, අතිශයින්ම සුඛෝපබෝගී අසමසම පහසුකම්වලින් සමන්විත තරු පහේ ජීවන සංස්කෘතියකි.
කොළම 04, බම්බලපිටියේ කවුරුත් දන්නා MCගොඩනැගිල්ලට ඉදිරිපසින් නිර්මාණය වන Achilleionනිවාස සංකීර්ණය මහල් 50කින් යුක්තය. අහසට දිවෙන ගොඩනැගිලි දෙකක් Sky Bridge එකකින් යාවෙන ලෙස තැනෙන මෙම නිවාස සංකීර්ණය Single, Double , Triple Bedrooms වශයෙන් නිවාස 618කින් සමන්විත වේ. ඊට අමතරව Duplexes සහ Penthouses වශයෙන් අධි සුඛෝපබෝගී අංගණ කිහිපයක්ද ඒ අතර වේ.
මහල් පණහෙන් හතළිහක්ම මෙම නිවාස නිර්මාණය සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි මහල් දහය මෙහි සිටින නිවැසියන්ගේ මූලික අවශ්‍යතා සඳහා වෙන්කොට තිබේ. යටිතල පහසුකම්වල සිට පැය 24 පුරා ඇති සෞඛ්‍ය සේවාව, Mini Cinema, Library, Sky Restaurant, Spa, Club House,Spice Garden ආදිය ඒ අතර වෙයි. සාමාන්‍ය නිවාස අවශ්‍යතා අතික්‍රමණය කර, මිනිසුන්ට සුඛෝපබෝගිත්වය පමණක්ම නොව ශාරීරික හා මානසික සෞඛ්යාරක්ෂිත ජීවන විලාසිතාවක් අත්විඳින්නට හැකි පාරාදීසයක් ගොඩනැගීම මෙහි මෙහෙයුම ගොඩනගන බ්ලූ මවුන්ටන් සමාගමේ අරමුණයි. Achilleionනේවාසිකයන්ට තමන්ගේ ගමන්බිමන් සඳහා ඕනෑම විටකකුලියට ගත හැකි බෙන්ස් මෝටර් රථ පමණක්ම නොව හෙලිකොප්ටරයක්දලබා දී තිබීම ඔවුන්ට අත්විඳින්නට ලැබෙන සුඛෝපබෝගී පහසුකම්වලට කදිම නිදසුනකි.
මෙම ඡායාරූප පෙළ ගොඩනැගෙන Achilleion Show Apartmentඑකද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවකි. සාමාන්‍ය‘යෙන් නිවාස සංකීර්ණයක සාදන Model House එක පොළොව මට්ටමේ සාදන්නක් වුවද, මෙම Show Apartmentඑක ඉදිකර ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 100ක් උසිනි. ඒ නිසා මෙම Model House එක මගින් මෙහි ආයෝජනය කිරීමට සිතන පාරිභෝගිකයන්ට නියමාකාරයෙන් Achilleionහි ජීවිතය අත්හදා බැලීමටත්, ඉන්දියන් සාගරයේ දර්ශනතලය නියමාකාරයෙන් දැකබලාගැනීමටත් හැකි වේ. ඒ අනුව පසුගිය වසරේදී World’s Tallest Show Apartment සම්මානය දිනාගැනීමටදAchilleionසමත් විය.
මෙරට Blue Mountain සමාගම සමග Achilleion ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තරව නේවාසික ගොඩනැගිලි කර්මාන්තයේ දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති Palmer @ Turner සමූහය එක්වී සිටියි.එහි වාස්තු විද්‍යාව හා නිර්මාණකරණය සඳහා Index Design සමාගමත්, ඉදිකිරීම් අංශයේ මෙරට ප්රමුඛ පෙළේ සමාගමක් වන Magaසමාගමත් එක්ව සිටීම මෙම ව්‍යාපාරයේ ප්‍රමිතිය සහතික කරයි.
සැම නිවාස ඒකකයකම සාලය, ආහාර ගන්නා ස්ථානය, පැන්ට්‍රි සහ මුළුතැන්ගෙය එකිනෙකට විවෘතව හා සම්බන්ධව ඇත. නිදන කාමර හා නාන කාමර පමණක් පෞද්ගලිකත්වය ආරක්ෂා වන ලෙස වෙන්ව පවතී. සෑම නිවසකම සාලය,ආහාර ගන්නා ස්ථානය සහ මුළුතැන්ගෙය ආශ්රිත පොළොව මාබල්වලින් නිමවා ඇති අතර, නිදන කාමර හා නාන කාමරවල පොළොව Homogeneous පිඟන් ගඩොලින් නිමවා ඇති අතර, පැන්ට්‍රි හා මුළුතැන්ගෙයි උපාංග ජර්මානු Hacker සහ ප්‍රංශයේ De Dietrich යන උසස් නිෂ්පාදන වීම මෙහි මිල මෙන්ම වටිනාකමද ඉහළ නංවයි.
ආලෝකකරණ පද්ධතිය මෙන්ම නාන කාමරවල ඇතැම් උපාංග පවා Sensor System සහ ස්වයංක්‍රීය ක්‍රම මගින් ක්‍රියාත්මක වේ.
2020 දී ඉදිකිරීම් අවසන් වීමට නියමිත Achilleion පිළිබඳ තවදුරටත් කීමට ඇත්තේ එය තවදුරටත් සිහිනයක් නොව, සුඛෝපභෝගිත්වය මිලදීගත හැකි අයට සැබෑ ලෙස අත්විඳින්නට හැකි අරුමැසි ජීවිත සංස්කෘතියක් බවයි.
Text & Photography – MalakaWeligodapola