Thambapannie Future Fashion 2018
Thambapannie Event Management ආයතනය මගින් සංවිධානය කළ ‘Thambapannie Future Fashion 2018’ පසුගියදා (28දා) ගාලු කොටුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙය සජීවී ගීත ගායනය හා මෝස්තර නිරූපණය එකම එළිමහන් වේදිකාවක මහජනතාවට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකේය මොස්තර කලාවේ පළමු අත්දැකීම විය.
එහිදී සාම්ප්‍රදායික මෝස්තර හා රූපලාවණ්‍ය කලාවෙන් ඔබ්බට ගොස් අනාගත මෝස්තර නිරූපණය වෙනස් ඇසකින් දකින නූතන රූපලාවන්‍ය ශිල්පීන්ගේ හා මෝස්තර නිර්මාණකරුවන්ගේ මෙම පෙළහර දැක්මේ සොඳුරු දසුන් මෙලෙසිනි.
ඡායාරූප සහ සටහන කවිත් මිලින්ද