Mrs. Sri Lanka World 2017



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-28-ent-24

විවාහක ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය කරන මෙරට රූප රාජනිය තෝරාපත්කරගැනීමේ Mrs. Sri Lanka World 2017 තරගාවලියට අයදුම්පත් බාරගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි.

එම තරගාවලියේ සංවිධායකයන් වන වාසනා දන්තනාරායන සමග එක්වූ R&V Entertainments හා අනුග්‍රාහකයන් පසුගියදා වත්තල පෙගාසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් මෙම කටයුත්තේ සංවිධායිකා වාසනා දන්තනාරායන මහත්මිය පැවසුවේ තමන් රූ රැජිනියක ලෙස විදෙස් තරගවලට සහභාගි වීමේදී මුහුණ දුන් දුෂ්කරතා හේතුවෙන් අනාගතයේ මෙවන් තරගවලට සහභාගිවන රූ රැජිනියන්ට තරගවලට සහභාගිවීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසීමට තමන් ගත් උත්සහය මෙලෙස දෙවැනි වරටත් මල්ඵල ගැන්වූ බවයි.

1985 රෝසි සේනානායක මහත්මිය ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැලඳීමෙන් පසු මෙරට විවාහක රූරැජිනක් පළමුවරට එම තරගාවලිය සඳහා සහභාගිකරවීමට තමන් ඇතුළු සංවිධායක මණ්ඩලයට පසුගිය වර්ෂයේ හැකිවූ බවද ඇය සඳහන් කළාය.

මෙවර මෙම තරගාවලිය සඳහා ජාතික රූපවාහිනිය, විජය පුවත්පත් සමාගම, සැලෝන් මූඩ්ස්, කැට්වෝල්ක් සඟරාව, ජොනී ගුණසේකර, ශමිත බතික්, ලීශා ෆැෂන්ස්, පෙගාසස් රීෆ් හෝටලය ආදී අනුග්‍රාහකයන් රැසක් එක්ව සිටියි.Mrs. World හෙවත් ලෝක විවාහක රූ රැජින තරගය ලෝකයේ පැවැත්වෙන පැරණිතම රූපරාජිනී තරග අතරින් ප්‍රමුඛ තරගයක් වෙයි. එම තරගය නියෝජනය කිරීමට වාසනාව උදාකරගන්නා රූ රැජින වීමට විවාහක තරුණ භාර්යාවන්, මවුවරුන්ට අයදුම් පත් යොමුකළ හැකිය. අනු කිරුළු 09කින් සමන්විත මෙවර Mrs. Sri Lanka World 2017 තරගාවලියේ අවසන් මහා රාත්‍රිය 2017 නොවැම්බර්මස 10 වැනිදා පෙගාසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

 

නදීශානි පතිරණ/ ජායාරූප ඉසුරු පෙරේරා

 

2017-09-28-ent-16 2017-09-28-ent-17 2017-09-28-ent-18 2017-09-28-ent-19 2017-09-28-ent-20 2017-09-28-ent-21 2017-09-28-ent-22 2017-09-28-ent-23 



More In Hot Story