Mister International Miss Grand
2018 වසරේ ශ්‍රී ලංකාවේ සිටින සොඳුරුතම යුවතිය මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ලෙසිනුත්, ජවසම්පන්න, කඩවසම් තරුණයා මිස්ටර් ඉන්ටනැෂනල් ශ්‍රීලංකා වූ තරගය බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටල් පරිශ්‍රයේදීය පසුගියදා පැවැත්විණි.
ලාංකේය ප්‍රේක්ෂකයන් වෙත නවමු අත්දැකීමක් සමීපකරවීමට හිරාන් විජේසේකර සමත්විය. ඒ දේශීයත්වය මුසුකල නව සංගීත රටාවන්ට අනුව ඉදිරිපත් කල අලංකාර නර්තන අංගයක් මගිනි. එහිදී හිරාන් විජේසේකර නිර්මාණය කර තිබු ජාතිකත්වය ඉස්මතු කෙරෙන රංග වස්ත්‍ර කාගේත් ඇගයීමටද ලක්විය.
මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා සහ මිස්ටර් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා තෝරාගැනීම සඳහා විනිශ්චය මණ්ඩලය ලෙස රමණි ප්‍රනාන්දු, කිෂූ ගෝමස්, ජැකීමේ, ස්ටෙෆනි සිරිවර්ධන සහ ඩැනියෙල් රෙනේ ද සිල්වා යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. ඉසව් දෙක සඳහා තරඟකරුවන් 14 ක් බැගින් එක්වූ අතර ඒ අතරින් 5 දෙනා බැගින් තෝරා ගෙන ප්‍රශ්නොත්තර සැසියකට ඔවුන් යොමු කෙරිණ. තියුණු තරඟයකින් පසු මිස් ග්‍රෑන්ඩ් ශ්‍රීලංකා ලෙස පවනි විතානගේ කිරුළු පැළඳි අතර මිස්ටර් ශ්‍රී ලංකා ලෙස අමන්ද අමරසේකර අබිසෙස් ගැන්විණ. තරඟාවලියේ සෙසු ජයග්‍රාහකයන් පහත පරිදි වෙයි.
- මිස් ග්‍රෑන්ඩ් ශ්‍රීලංකා දෙවනස්ථානය - හරිනිසිල්වා
- තුන් වන ස්ථානය- ටස්ලාසේනාධීර
- මිස්ට ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
- දෙවනස්ථානය - යොහාන් රොවෙල්
- තුන් වන ස්ථානය - තුලාර බෙත්මගේ
- හොඳම නිරුපිකාව - හරිනි සිල්වා
- මෙල්වා මිස්ටස් ට්‍රෝන්ග් ඇන්ඩ් ෆිට්නස් - අබිරෝන් ජෝශප්
- මෙල්වා මිස් ස්ට්‍රෝන්ග් ඇන්ඩ් ෆිට්නස් - සඳුනි කීර්තිසිංහ
- මිස්ට පර්සනලිටි - අමන්ද අමරසේකර
- මිස් පර්සනලිටි - මෙලිස්සා නානායක්කාර