HSBC COLOMBO FASHION WEEK
ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලාංකේය විලාසිතා ක්ෂේත්‍රයට එක්කරමින් මෙවර 13 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ විලාසිතා සතිය පසුගිය සති අන්තය පුරා පැවැත්විණි.
එච්.එස්.බී.සී. බැංකුව මගින් වාර්ෂිකව සංවිධානය කරන මෙම දැවැන්ත ඉසව්ව හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණේ විලාසිතා කෙටි චිත්‍රපට දැක්මක්, විලාසිතා ක්ෂේත්‍රය සම්බන්ධ වැඩමුළු කිහිපයක් සමගිනි. එම විලාසිතා සතියේ පළමු දින මෙලෙස විලාසිතාවන්ගෙන් පුරවනු ලැබුවේ දිනූෂි පමුණුව, අනූෂිකා පෙරේරා, පූර්ණි විජේසිංහ, සවින්ද්‍රි කුරුප්පු, වත්සලා ගුණසේකර, මාර්ලන් රායි, මිහිරි ද සිල්වා, ට්‍රාවා, යාත්‍රා ජයවර්ධන යන විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණවලිනි.
නදීශානි පතිරණ / ජායාරූප - කවීත් මිලින්ද