LICC Liberte නමින් ජලය නොරැඳෙන Denim එකතුවක් එළිදකී
ඩෙනිම් කලිසම් ගැන ඉතින් අමුතුවෙන් ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට කියලා දෙන්න ඕනෑ නැහැනේ. එත් වතුර වැටුණට තෙතබරිත නොවන අලුත්ම වර්ගයේ ඩෙනිම් කලිසමක් ගැන අහලා තියෙනවද? The Long Island Clothing Company පෞද්ගලික සමාගම "LICC" නැමති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩෙනිම් නිෂ්පාදකයා විසින් මෙම ජල වාරක (ජලය නොරුදෙන) ලෙස සැකසූ ඩෙනිම් කලිසම් වෙළඳපොළට පසුගියදා හඳුන්වා දෙන ලදී. LICC Liberte නමින් හඳුන්වන ජල වාරක ඩෙනිම් මෙරට තරැණ පරපුර තුළ බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇතයි විශ්වාස කෙරේ. ජලය නොරුදෙන ඩෙනිම් වර්ගයට අමතරව The Fast Lane, Rhythm and Blues, Bohemian Vibes, De Sarong, Blazed Blueprints, Color Monde, Indigo Grunge, Leather Lore හා Prime Melange යන විවිධ වර්ණයෙන් හා හැඩයෙන් යුත් ඩෙනිම් වර්ග 09ක් ද LICC සමාගම විසින් හඳුන්වාදී ඇත. ඩෙනිම් වර්ග මාධ්‍යයට හඳුන්වාදුන් උත්සවයේ අවස්ථා වලින් අද අපේ event of week පිටුව මෙලෙස හැඩ වෙනවා.
Romesh Dhanushka Silva