වොක්ස්වැගන් ප්‍රේමීන්ට අති විශේෂයි
ක්ලැසික් කාර් උන්මාදය අද වන විට විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. වොක්ස්වැගන් කියන්නෙත් ඒ වගේ විලාසිතාවක්. වොක්ස්වැගන් එකක් මඟතොටේදී යනවා දැක්කත් අපි ඒ දෙස නෙත් නොපියා බලා හිඳින්නේ ඒ උන්මාදය නිසා වෙන්න ඇති. ඉතිං මේ උන්මාදය තිබෙන ලංකාවේ සිව්දෙසේ සිටින වොක්ස්වැගන්ලෝලීන් එකතුවෙලා බිහිකරපු කණ්ඩායමක් තමයි VW Beetle Owners Club of Sri Lanka කියන්නේ. මේ පිරිස සෑම අවුරුද්දකම ලෝක වොක්ස්වැගන් දිනය වෙනුවෙන් ගෝල්ෆේස් හෝටලය අසලට තමන්ගේ වොක්ස්වැගන් රථය රැගෙන එනවා. මේ අවුරුද්දේ ජූලි 01 වෙනිදාත් සිව්දෙසින් පැමිණි වෙක්ස්වැගන් හිමියන් එලෙස ගෝල්ෆේස් හෝටලය අසලට පැමිණියා. පාට පාට වොක්ස්වැගන් 100කට වැඩි ප්‍රමාණයක් එදින රැස්ව සිටි අතර, මුළු ගාලුමුවදොරම වෙනදාට වඩා සුන්දරත්වයක් දැකගන්න පුළුවන් වූවා.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි