වෛද්‍ය ප්‍රසාද්ගේ මිසිස් ඕෂන් වර්ල්ඞ් ශ්‍රී ලංකා සහ 2019 යන්ග් බියුටි ඔෆ් ශ්‍රී ලංකා කිරුළ පැලඳීම ඔ
මෝස්තර නිරූපණ කලාව සහ ප්‍රසාද් දේශපි‍්‍රය යනු නම් දෙකක් නොව එකක්මය කීම අතිශයෝක්තියක් නොවන්නේය. එදා මෙදා තුර ලංකාවේ පැවැත්වූ විශාලතම නිරුපන තරගාවලිය මෙරට සහ විදේශීය නිරූපණ ශිල්පීන් ශිල්පිනියන්, රංගන ශිල්පීන් ශිල්පිනියන්, ව්‍යාපාරිකයන්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් 2018 වසරේදී ගලදාරී හෝටලයේදී පැවැත්වීමද ප්‍රසාද් දේශපි‍්‍රය මහතා සමත්විය.
ඔහුගේ තවත් වෑයමක ප්රථිඵලයක් ලෙස 2019 මිසිස් ඕෂන් වර්ල්ඞ් ශ්‍රී ලංකා කිරුළ පැළඳවීම සහ 2019 යන් බියුටි ඔෆ් ශ්‍රී ලංකා කිරුළ පැළදවීම ඔක්තෝබර් මස 18 වන දින සවස 7.00 ට කොළඹ 06 සෆායර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ. විශේෂ මෝස්තර නිරූපන අංගයන් සහිතව නේපාල නර්තන ශිල්පීන්ගේ රංගනයෙන් වර්ණවත් කෙරෙන මෙම උත්සව අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
මෙම නිරුපන තරගාවලිය පී.ඞී. එන්ටර්ටේට්මන්ට් ආයතනයේ සාඩම්බර ඉදිරිපත්කිරීමකි. ප්‍රධාන අනුග්‍රාහකත්වය කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනය සහ මාතර ගමගේ හෙළ වෙද මැදුරෙනි. සිංගප්පූරු බජට් හොටෙල්, ස්ටෝන් ඇන්ඞ් ස්ටි්රන්ග්, ආර්.ඒ.එස්. බෑග්ස්, මර්සි ඇන්ඞ් ග්‍රේස්, සිත්වින් එන්ටර්ටේන්මන්ට්, නවීන් ෆොටෝග්‍රැෆි, සුදර්ශන ඇඞ්වර්ටයිසින්, ට්‍රැවල් රවුටර් ඉන්ටර්නැෂනල්, ගුඞ් ටයිම්ස් වර්ල්ඞ්වයිඞ්, ටොප් පි‍්‍රන්ටර්ස්, හොටෙල් සපායාර්, ඇල්ල ෆ්ලවර් ගාර්ඩන් රිසෝට්, ග්ලොව්, ඊ ග්ලෝබල් ෆැෂන් ස්විස්ටර්ලන්ඞ්, සීඞීජේ එන්ටර්ටේයින්මන්ට්, සැලෝන් බියුටි මාර්ක්, වික්‍රමසිංහ ටිම්බර් ඩිපොට්, අප්ටවුන්, නික් ජේ. මොඩල් ඇකඩමි, ග්රෑන්ඞ් ෆ්ලෝරා, දේව් ෆිල්ම්ස් ප්‍රඩක්ෂන්, ලයිෆ් ස්ටුඩියෝ, රුවෝමා යන ආයතන සෙසු අනුග්රාහකයෝ වෙති.
මෙම තරගයේ කිරුල නිර්මාණය කරන්නේ Stone & String ආයතනය විසිනි. එම ආයතනය දකුණු ආසියාවේ විශාලතම විලාසිතා, ආභරණ හා කිරුලූ නිපදවන ප්‍රධාන ආයතනවලින් එකකි. ආරංචි මාර්ගවල හැටියට මෙවර 2019 මිසිස් ඕෂන් වර්ල්ඞ් ශ්‍රී ලංකා කිරුළ හිමිකාරියට පිදෙන කිරුළ Stone & String ආයතනය මගින් ලක්ෂ 301 ක් පමණ වටිනාකමකින් යුතුව වෙනස්ම ආකාරයකින් නිර්මාණය කිරීමට නියමිතය.
මෙයට සමගාමීව MRS. OCEAN WORLD INTERNATIONAL 2020 තරගාවලියේ මාධ්‍ය දැනුම්වත් කිරීමද මෙදින සිදු කෙර්.
පී.ඞී. එන්ටර්ටේට්මන්ට් ආතනයේ සභාපති, කළුබෝවිල චීනකටු සායනයේ අධ්යක්ෂ සහ සුවසරණ පදනමේ නිර්මාතෘ වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රය මිසිස් ඕෂන් වර්ල්ඞ් ඉන්ටර්නැෂනල් 2020 තරග සංවිධායක මණ්ඩලයේ CEO තනතුර හොබවන අතර කි්රස්ටීන් හුවැන්ග් මහත්මිය ප්‍රධාන උපදේශිකාව සහ ජාත්‍යන්තර අධ්‍යක්ෂවරිය වේ. සංචාරක, කි්රස්තියානි කටයුතු හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග, ටී.එන්.එල්. ආයතනයේ සභාපති ගරු ශාන් වික්‍රමසිංහ, ස්වාධීන රූපවාහිනියේ කළමණාකරණ අධ්යක්ෂ නුෂාන් සුභසිංහ, ප්‍රසිද්ධ මොස්තර නිරූපන ශිල්පිනී (ඉතාලිය) සහ ගෘහ නිර්මාණ ශිල්පිනී රොසෙල් ප්‍රනාන්දු මෙනවියද උපදේශක මඩුල්ල නියෝජනය කරති.
හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රමේෂ් උවයිස්, හිටපු ජනපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත්, 2008 මිස් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් තරගයේ ජයග්‍රාහිකා ෆේත් ලැන්ඩර්ස්, මොස්තර පුහුණුකරු නික් ජයමහ, සිවිස්ටර්ලක්තයේ පුරති අමරතුංග, ස්විස්ටර්ලන්තයේ වත්සලා නුවංගි පෙරේරා, එංගලන්තයේ රෝහන එලියතම්බි, චතුර රදම්පල, ඞීමාල් ජයසූරිය, හිලරි දෙනිපිටිය, ඩිලන් ජයසූරිය, රන්ග සම්පත්, එමා ඒබ්‍රහම්, නිකී ඒබ්‍රහම් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ වෙති.
ලංකාවේ සිටින ප්‍රවීණම නිරූපණ ශිල්පී පුහුණුකරුවකු වන සේනක ද සිල්වා ප්‍රධාන පුහුණකුරු වන අතර දිනූෂා රාජපතිරණ වැඩසටහන මෙහෙයවයි.