හර්ෂණ සහ වොල්ගාගේ 'Volanro Media' එළිදකී
හර්ෂන බෙත්මගේ සහ වොල්ගා කල්පනී මේ වනවිට නව කටයුත්තක් සඳහා අතගසා තිබේ. ඒ "Volanro Media" නම් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කිරීමයි. මෙය අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන කරා යාමට උත්සාහ කරනු ලබන නිෂ්පාදන ආයතනයක් වේ. ඔවුන් දෙදෙනාගේ පාසල් කාලයේ පටන් දැන හැඳිනගත් මිතුරු මිතුරියන් සිවුදෙනෙකු විසින් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනීද මෙහි අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරන අතර, ගයාරම්ය අල්විස් මහතා මෙහි උපදේශකයෙකු ලෙස කටයුතු කරයි.
පසුගියදා මෙහි කටයුතු ආරම්භ වූ අතර, එදින මෙහි නිල වෙබ් අඩවිය වන www.volanro.com වෙබ් අඩවිය එළිදැක්වීමද සිදු කෙරිණි. මෙම නිෂ්පාදනය ආයතනය මගින් නිර්මාණාත්මක චිත්‍රපට, ටෙලි නාට්‍ය නිර්මාණ, වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, Event සංවිධානය සිදු කෙරේ. මේ පිළිබඳව එහි අධ්‍යක්ෂකවරයෙකු වන හර්ෂණ බෙත්මගේ පැවැසුවේ මෙවැන්නකි.
"Event Management" ආයතනයක් වන අපේ "Volanro Media" ආයතනය මගින් බොහෝ වැඩ කටයුතු සිදු කරනු ලබනවා. ඒ අතරින් අපේ නිෂ්පාදන ආයතනය තුළින් ලංකාවේ මියුසික් වීඩියෝ ට්‍රෙන්ඩ් එකට අලුත් යමක් කිරීමට අප බලාපොරොත්තු වනවා. අපේ වෙබ් අඩවිය වන www.volanro.com සඳහා පිවිස අපේ කාර්යයන් පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට හැකියාව තිබෙනවා.