සෝනම් කපූර්, යුවරාජ් සිං එකතුව OPPO F1s නවතම ස්මාට්ෆෝනය මුම්බාහි හිදී එළිදක්වයි
ස්මාට්ෆෝන් සෙල්ෆි ඡායාරූප කලාවේ ප්‍රවීණයෙකු ලෙස 'Selfie Expert' තේමාවෙන් එන OPPO F මාදිලියේ නවතම ස්මාට්ෆෝනය OPPO F1s පසුගියදා ඉන්දියාවේ, මුම්බායි හිදී එළිදැක්වුණි.
OPPO හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන බොලිවුඩ් සිනමාවේ සුරූපී නිළි සෝනම් කපූර්, සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සහ ඉන්දියානු ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රවීණ ඉන්දියානු ඡායාරූප ශිල්පී ඩබූ රත්නානි ගේ සහභාගීත්වයෙන් මුම්බායි හි, ජේ.ඩබ්.මැරිඔට් හෝටලයේ පැවති උත්කර්ෂවත් උලෙළකදී OPPO F1s නිල එළිදැක්වීම සිදුකෙරිණි.
F1 දුරකථනයට සාපේක්ෂව මෙම නව දුරකථනයේ ඉදිරිපස කැමරාව 16MP දක්වා වර්ධනය වී ඇති නිසා එය සෙල්ෆී කලාවේ නව මානයක් සනිටුහන් කරනු නොඅනුමාන බව එම අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනාගේ අදහස වූහ.
ඉදිරිපස කැමරාවට අමතරව මෙම නව දුරකථනය 13MP පසුපස කැමරාවක්, අධීවේගී fingerprint reader එකක්, වැඩි ආයුකාලයක් ලබාදෙන 3075mAh බැටරියක්, 32GB ROM එකක්, Dual Sim සහ expandable memory හැකියාවන් ලබාදෙන Triple-slot card tray එකක් වැනි විශේෂාංග රැසකින් සමන්විත වේ.
මෙම අවස්ථාවට එක්වෙමින් OPPO උප සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ (ජාත්‍යන්තර ජංගම දුරකථන ව්‍යාපාර) ස්කයි ලී මහතා පවසා සිටියේ, "F1 ස්මාට්ෆෝන් එක හඳුන්වා දුන් දා පටන් එය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණා. ඒ නිසාම, අපි එහි විශේෂාංග තවත් වැඩිදියුණු කර පාරිභෝගිකයන්ට ලබාදෙන්නට සිතුවා. F1 සහ F1 Plus මිලදී ගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 10කට අධිකයි. F1s දුරකථනය ඊටත් වඩා ජනප්‍රිය වේවි කියා අප සිතනවා" යනුවෙනි.
ෂමිල පෙරේරා / ඡායාරූප - මාලක වැලිගොඩපොල